නව වසරේ විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තුව 400%කින් ඉහළට
Tuesday, January 1, 2013
නව වසර උදාවත් සමඟ අලුතෙන් ලියාපදිංචි කරන විවාහ සඳහා ගාස්තුව රු. 4,000කින් වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා.
මේ අනුව විවාහ රෙජිස්ටාර් කාර්යාල වලින් පිටත කෙරෙන විවාහ ලියාපදිංචිය සඳහා අද සිට රු. 5,000ක් අය කරෙනු ඇති. එය 400%ක වැඩිවීමකි.
මෙසේ අය කෙරෙන මුදලින් රු. 3,500ක් රජයේ බදු ලෙසත් ඉතිරි 1,500 රෙජිස්ටාර්වරයාටත් හිමිවෙයි.
රෙජිස්ටාර් කාර්යාලයකදී විවාහයක් ලියාපදිංචි කිරීමේ මෙතෙක් අය කළ රු. 1,000ක මුදල එසේම පවතින අතර මෙම වැඩි කිරීම සිදුකර ඇත්තේ විවාහ රෙජිස්ටාර් කාර්යාලයෙන් පිටත උත්සවශාලා, නිවාස, හෝටල් ආදී ස්ථාන වල කෙරෙන විවාහ සඳහාය.
මෙම නව බදු අයකිරීම මුදල් අමාත්‍යාංශයේ තීරණයක් අනුව වන බවයි විවාහ රෙජිස්ටාර් ජෙනරාල් එඊ.එම් ගුණසේකර මහතා පවසන්නේ.
දිනකට ලංකාවේ 500ක් පමණ ලියාපදිංචි වන අතර 2011 වසරේ ලියාපදිංචි වී ඇති විවාහ සංඛ්‍යාව 182,000ක් පමණ වෙයි. එයින් 30%ක් රෙජිස්ටාර් කාර්යාලයෙන් පිටත සිදුකර ඇති බව වාර්තාවේ.
කෙසේ වුවද 2010 වසරට සාපේක්ෂව 2011 වසරේ විවාහ ලියාපදිංචි කළ සංඛ්‍යාවද 3.4% කින් අඩු වී ඇති බවයි රෙජිස්ට‍්‍රාර් දෙපාර්තමේන්තුවේ 2011 කාර්ය සාධන වාර්තාවේ සඳහන් වෙන්නේ.
2013 වසරේ අන්තර්ජාල ගාස්තු 8.3%කින් පහලට

එමගින් අදාළ සේවාවන්ට ගෙවිය යුතු මුදල අඩකින් පමණ අඩුවන බව විදුලි සංදේශන නියාමන කොමිසම පවසා සිටි.
එය 50%කින් බදු මුදල අඩු කිරීමක් බව උලුප්පා දැක්වුවද මීට පෙර ගෙවූ මුදල අඩුවන්නේ 8.3%කිනි
