ගායක අමල් පෙරේරාට ගුටි සංග්‍රහයක්

සුපර් ස්ටාර් විනිශ්චයට මගින් ආන්දෝලනාත්මක චරිතය නිරුපනය කල අමල් පෙරේරා බොහෝ හදුන්වන්නේ කලහකාරී චරිතයක් ලෙසිනි. 

මෙයට පෙර අමල් පෙරේරා පයාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පාර අවහිර වන ලෙස වාහනය නවත්වා පොලිසිය සමග ඇතිකරගත් ගැටුමක් හේතුවෙනි. 

එහිදී අත්අඩංගුවට පත් අමල් පෙරේරා ගැන පොලිස් වාර්තා බැලීමේදී හෙලිවුයේ අමල් පෙරේරා හට 1997 වසරේ නිකුත් කල වරෙන්තුවක්ද තිබී ඇති බවයි. 

කෙසේ නමුත් අමල් පෙරේරාගේ නැවතත් ආරවුලක් පස්ගියදා ඇතිකරගෙන තිබෙන්නේ කොළොඹ "Kama" රාත්‍රී සමාජ ශාලාවේදීය. 

හිරු ගුවන් විදුලිය විසින් වැලිසර නවලෝක ක්‍රීඩාංගනයේ සංවිධානය කල මෙගා බ්ලාස්ට් ප්‍රසංගයට සහභාගී වීමෙන් අනතුරුව ගායක චලක චමුපති, හා හිරු ගුවන් විදුලියේ විරාජ් වැලිවත්ත සමග අමල් පෙරේරා රාත්‍රී සමාජ ශාලාවට පැමිණ ඇති අතර එහිදී තවත් තරුණයන් පිරිසක් සමග ඇතිකරගත් උණුසුම් වචන හුවමාරුවක් හේතුවෙන් එම තරුණයන්ගෙන් හා සමාජ ශාලාවේ ආරක්ෂකයන්ගෙන් ගුටි සංග්‍රහයක් අමල් පෙරේරා එල්ලවී තිබෙනවා. 

ඉන් අසාධ්‍යය වූ අමල් පෙරේරා කොළොඹ ජාතික රෝහලේ 79 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබාගත් බවද වාර්තා වනවා.

Related Posts Plugin for WordPress, Blogger...