වෙඩි වැදුණු ගැබ්බර මුවෙකුට දිවිදෙන්න සිසුවෙක් මහ තැතක

වෙඩි වැදී කැලයේ වැටි සිටි ගැබ්බර මුව දෙනක විල්බැරෝවක තබා නිවසට රැගෙන ආ ගල්ගමුවේ මඩදොඹේ ප්‍රදේශයේ දොළොස් හැවිරිදි ඩබ්. එම් සඳරුවන් වන්නියාක සිසුවා තුවාල වලට බෙහෙත් දමමින් මුව දෙනව ජිවත්කරවීමට උත්සාහ කරයි. 

බඳින ලද පත්තු වීම මගින් මුව දෙනගේ කකුලක් කැඩී හමෙන් එල්ල වැටෙමින් තිබේ. මුව දෙනගේ මුනිස්සම් ඉවත් කිරීමට මෙන්ම දන්නා අයුරින් ප්‍රතිකාර කිරීමට සඳරුවන් සමත්වී ඇත. 

මුවාට ආහාර වර්ග දෙමින් සාත්තු කරමින් මුවාගේ දිවි රැක ගැනීමට සඳරුවන් දැඩි උත්සාහයක යෙදෙන අතර මුව දෙනාගේ දිවි රැකගැනීම සඳහා අදාළ පාර්ශවයන්ගේ අවධානය යොමුකිරීමද අත්‍යවශ්‍ය කරුණක් වී තිබේ. 




සඳරුවන් සම්බන්ධකරගැනීමට අවශ්‍යය අයෙකුට ගල්ගමුවේ මඩදොඹේ ප්‍රදේශයට ගොස් ඔහුව හමුවිය හැක. ඔහුව දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගැනීමට හැකියාවක් නැත්තේ සඳරුවන් සතුව දුරකතනයක් නොමැති බැවිනි.

තොරතුරු හා ජායාරූප: සංජීව රත්නායක විසිනි.

Related Posts Plugin for WordPress, Blogger...