ලබන මාසයේ දින පහ ආයේ එන්නේ වසර 824කින්ද?

දිනපතා හුවමාරු වන ඊමේල් වලින් බොහොමයක් ඒවා ව්‍යාජ ඊමේල්ය.

සිනමා ශාලාවල හා ATM යන්ත්‍ර වල තිබෙනා අල්පෙනිති වලින් ඒඩ්ස් බෝ වන බවත්, සොරෙකු බැංකු කාඩ්පත ඉල්ලා මුදල් ගැනීමට බල කල විට රහස්‍ය අංකය අග සිට මුලට එබිය යුතු බවත්, පෙන 5ක නයා ආදිය ඒ අතර ප්‍රධානවේ

මේ අතර තවත් ඊමේල් පණිවිඩයකින් කියවෙන්නේ යම්කිසි මාසයකට දින 5ක් ඇති බවත් එවැන්නක් උදාවන්නේ වසර සිය ගණනකින් බවවත්ය.

එවැනි ව්‍යාජ ඊමේල් පණිවිඩයක් ඉහත පරිදි ඊයේ "මව්බිම" පුවත්පතේ මුල් පිටුවේම පලවූයේ කිසිම සොයා බැලිල්ලකින් තොරවයි.


එයින් කියවෙන්නේ සෙනසුරාදා, ඉරිදා, සඳුදා දින 5ක් තිබෙන මාසයක් මෙම දෙසැම්බර් මාසයේ උදාවන බවත් එවැන්නක් නැවත උදාවන්නේ වසර 824කින් බව විද්‍යාඥයින් පවසන බවත්ය.

නමුත් සෙනසුරාදා, ඉරිදා, සඳුදා දින 5ක් උදාවීම් සෑම වසරකම මෙන් සිදුවේ. උදාහරණයක් ලෙස 2014 මාර්තු, 2015 අගෝස්තු, 2016 ඔක්තෝබර්, 2017 ජූලි, 2018 දෙසැම්බර්,.....ලෙසය. දෙසැම්බර් මාසයම අවශ්‍ය නම් 2018 හා 2035 දෙසැම්බර් මාස වලද එවැන්නක් සිදුවේ.

පෘතුවියට පහර දීමට කිලෝමීටර් 240 ක්‌ තරම් විශාල පියාඹන පීරිසි පැමිනෙන බව 2011 ජනවාරි 12 වෙනිදා දිවයින පුවත්පතේ 14 වන පිටුවේ පලවූ අතර පසුව එම පුවතම නැවත 2012 මැයි මාසයේද කීරිති වර්ණකුලසූරිය විසින් ලියා එම පුවත්පතේම පල විය.

මෙලෙස සොයාබැලීම් වලින් තොරව රිවිර, දිවයින, අද, ලක්බිම හා ලංකාදීප ජාතික පුවත්පත් පල කළ ලිපි කිහිපයක් මෙතනින්.

Related Posts Plugin for WordPress, Blogger...