නයි නළඟනගේ ශාපය

ඉකුත් අගෝස්තු 8 වැනි දින අලුයම් කාලයේදී හදිසි දුරකථන ඇමතුම් 118 මගින් ලැබුන දැනුම් දීමකට අනුව කොල්ලුපිටිය පොලිසිය, ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ලේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක් තුලදී නාගයකු ළඟ තබා ගැනීමේ චෝදනාවට නිරෝෂා විමලරත්න මෙනෙවිය හෙවත් දිලානි නමැත්තිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි.

ඇය කොළඹ කොටුව මහෙස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා හමුවට ඉදිරිපත් කරන ලදුව ඇප මත මුදා හරිනු ලබූ අතර, ඇය බාරයේ සිටි නාගයා දෙහිවල සතුන්වත්ත වෙත යොමු කෙරිණි. මේ පිළිබඳව අප ලිපි කිහිපයකින්ම ඔබව දැනුවත් කල අතර මේ වනවිට දිලානි සුදානම් වන්නේ නාග විමානයක් සිය ගෙවත්තේ ඉදිකිරීමටය.

තමා සමග සම්බන්ධවන සෑම නයෙක්ම එම විමානයේ ඇතිකිරීමට ඇය සූදානම් බව පවසයි.

මේ ඒ පිලිබඳ දිලානිගේ වදන්ය


"මගේ චුටි නයි පැටියා මට ලැබුනත් , නොලැබුනත් මම නයින්ට ඉන්නේ මගේ ගෙදර නාග විමානයක් හදනවා. ඒ නාග විමානයට මාත් එක්ක සම්බන්ධයක් තියන හැම නයෙක්ම ගෙනත් දානවා..මගේ චුටි නයි පැටියා බලහත් කාරයෙන් උදුරා ගත්තා. 


මට නයි පැටියා ආයි දුන්නේ නැත්නම්, මගෙන් නයි පැටිය උදුරාගත් සියලු දෙනාටම ශාප කරනවා. එම ශාපය නයි පැටිය මගෙන් වෙන් කරපු සියලු දෙනාටම අනිවාර්යෙන්ම වදිනවා'

දෙහිවල සතුන්වත්තේ සිටිනා නාගයන් අතුරින් දිලානිගේ නයි පැටියා සොයාගන්නේ කෙසේද යන්නට ඇය දුන් පිළිතුර මෙසේය

"මගේ නයි පැටිය මට හොඳට අඳුරගන්න පුළුවන්. මන් නයි පැටිය ලඟට ගිහින් කතා කරාම එයා මගේ ලඟට එනවා. මගේ කටහඬ නයි පැටියාට හොඳට හුරුයි. නයි පැටියා මම අරගෙන එනකම්, නයි පැටියාගේ අම්ම බලන් ඉන්නවා. 


ඒක හින්ද මම කොහොමහරි නයි පැටියා එයාගේ අම්මට බාර දෙන්න ඕනෑ. මට හරි මහන්සියි. ඊයේ රාත් ක්ලබ් එකේ නැටුවා. නඩුව හින්ද හරියට නිදා ගන්න හම්බ වුනෙත් නෑ. නඩුවට ආපු හින්ද තාම හරියට කෑවෙත් නෑ".

-සම්බන්ධිත පුවත්
නයාට පෙම්කරනා කොල්ලුපිටියේ "නයි නළඟන"
නයා නැතුව නින්ද නොයන කොල්ලුපිටියේ නයි නළගන

Related Posts Plugin for WordPress, Blogger...