අභ්‍යාවකාශයෙන් ශබ්දයේ වේගය පරදා පොළාවට ආ මිනිසා
Tuesday, October 16, 2012
මේ සඳහා ඔහු අවුරුදු පහක පමණ පෙර සිට සලසුම් කර තිබූ අතර මෙම පැනීමට පෙර පසුගිය ජූලි මාසයේ පුරුදු වීම සඳහා ඔහු පැන තිබුනේ කිලෝමීටර් 28ක උසක සිටයි.
ශබ්දයේ වේගය මෙන් 1.24 ගුණයක වේගයෙන් පහතට වැටීමේදී ඔහුගේ හිස්වැසුමේ සවිකර තිබූ කැමරාව මඟින් සියල්ල පටිගතවී තිබුණා.

වේගයෙන් වැටීමේදී රුධිර පීඩනය ඉහල යෑමෙන් හිසේ අමාරුව, පෙනීම අඩුවීයාම ආදිය බලපාන බැවින් අදාල උසේදී පැරෂුටය දිග හැරීමට හොඳ සිහිබුද්ධියක් තබාගැනීම අත්‍යාවශ්‍යම කාරණයක් නිසා සැබැවින්ම මෙය මාරක පිම්මකි.
තට්ටු 55ක ගොඩනැඟිල්ලක් තරම් උස්වූ, ඝන අඩි මිලියන 30ක හීලියම් වායුව පිරවූ බැලුනයක එල්ලූ කැප්සූල් එකක් මඟින් නව මෙක්සිකෝ කාන්තාරයට ඉහලින් මෙම අඩි 128,177උසට යාමට ඔහුට පැය දෙකහමාරක් පමණ ගතවී ඇති අතර පහතට වැටීමේදී ගතවී ඇත්තේ විනාඩි 10ක පමණ කාලයකි.
නිදහසේ පහලට වැටෙනා පලමු තත්පර 50ක කාලය තුළදී ඔහු පැයට සැතපුම් 700ක් වේගයක් ලබාගන්නා බවට ඔහුගේ කණ්ඩායම විශ්වාසය පල කලත් සැබැවින්ම ඔහු නිදහසේ ඇද වැටුණු විනාඩි 4යි තත්පර 22ක කාලයේ මුල් තත්පර 50ක කාලයේදී පැ.සැ 834ක වේගයක් ලබා තිබුණා.
එය පැයට කිලෝමීටර් 1,342ක වේගයකි. ඔහුගේ මෙම මාරක පිම්ම මිලියනයක් පමණ ජනතාව නරඹා තිබුණා.
මෙම පිම්මේ සම්පූර්ණ වීඩියෝව පහතින්.
ඔහුගේ හිස්වැසුමේ කැමරාවේ සටහන්වූ වීඩියෝව පහතින්.
එම අවස්ථාවේ ගත් ජායාරූප පහතින්.

