අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරයාට ළමා කවියත් අමතක වෙයි
Thursday, October 4, 2012
එම ප්‍රකාශ සිදු කොට වැඩි දවසක් යාමට මත්තෙන් එතුමාට නැවතත් වැරදී තිබුණා. ඒ අලියා නොකන දැල්ල, එළුවා නොකන දැල්ල ලෙස තේරවිල්ලක් වැරදියට හදුන්වා දීමෙනුයි.
මේ අතර පසුගියදා මෙම අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරයා විසින් වෙල්ලස්ස ජාතික පාසැලේ පවති උත්සවයකදී ට්බෙට් ජාතික එස් මහින්ද හිමියන්ගේ ළමා කවියක් කියන්නට ගොස් පද දෙකක් අමතක වී දරුවන්ගේ හාස්‍යයට ලක් වී තිබුණා.
"අපිට තාම මතකයි පුංචි කාලේ කියලා දීපු කවි" යනුවෙන් මතක ඇති කවිය පටන්ගත්තද එය අමතක නිසා දෙතුන් වරක් එය මතක් කර ගන්නට උත්සාහ කලද සාර්ථක වී නැත.
එම වීඩියෝව පහතින්.
නියෝජ්‍ය ඇමතිවරයා විසින් වරද්දාගත් සම්පූර්ණ කවි පන්තිය පහතින්.
සමන් පිච්ච මල් ඉහිරුණු
නිල් තණ කොළ පිට්ටනියක්
වගෙයි අහස අන්න බලනු
කොච්චර ලස්සනද රෑට
බකමූණෝ පියාඹති
අනිත් කුරුල්ලෝ නිදති
බෝ අතුවල එල්ලීගෙන
මා වවුලෝ කෑගසති
මගේ සුරතල් අක්කාගේ
මාලේ මුතු ඇට වාගේ
මේ වැටෙන්නේ පිණි බිංදුත්
හදමු එකක් ඒ වාගේ
හද හාමි අප දිහාව
එබී බලයි පා හිනාව
සිහිල් සුළං රැල් විදින්ට
දොරට යන්ට හොද වෙලාව
අහසේ තරු වැල් පිරිලා
පොළොවේ සුදු මල් පිපිලා
මගුල් ගෙවල් දෙකක් වගෙයි
මේ දෙපලම හැඩ ගැහිලා
ට්බෙට් ජාතික එස් මහින්ද හිමි
මීට පෙර ජේසුස් වහන්සේට ඇණ ගැසුවේ අරාබි ජාතිකයන් බව හා එළුවා නොකන දැල්ල ගැන පැවසූ වීඩියෝ සහිත පුවත් පහතින්.
-සම්බන්ධිත පුවත්-
ජේසුස් වහන්සේට ඇන ගැහුවේ අරාබි ජාතිකයින් - විජිත් විජිතමුණි
අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිට නැවතත් වරදී
