දුම්රියක හැපීමෙන් කිසිවෙකුට තුවාල නොවූ පුවක්පිටියේ අනතුර

ඊයේ උදෑසන 7.30ට පමණ අවිස්සාවේල්ල කොළඹ කැළණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ලට නුදුරු පුවක්පිටිය දුම්රිය නැවතුම්පලට ආසන්නව අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දුම්රියක් සහ මෝටර් රථයක් ගැටී තිබෙනවා.

මෙම අනතුරින් වාහනයට දැඩි අලාබ සිදුවී ඇති නමුත් වාසනාවකට මෙන් එහි ගමන් කරමින් සිටි දෙදෙනාගෙන් කිසිවෙකුටවත් කිසිම තුවාලයක්වත් සිදුවී නැත.

මීට පෙරද මම ස්ථානයේ අනතුරු කීපයක්ම සිදුවී තිබෙන නමුත් තවමත් බලධාරීන්ගේ අවධානය යොමු නැති අතර මෙම මාර්ගයේ තවත් මෙවැනි මාරක අනාරක්ෂිත් දුම්රිය හරස් මාර්ග කීපයක් පවතින නිසා ප්‍රදෙශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම අනාරක්ෂිත හරස් මාර්ග ආරක්ෂිත වන පරිදි වැඩ පිලිවලක් සකසා දෙන ලෙසයි

එම අන්තුරේ ජායාරූප කිහිපයක් පහතින්.





ජායාරූප: චින්තක හිමේන්ද්‍ර

මේ අතර පසුගියදා පලුවැව මංසන්ඩියට ටිකක් නුදුරින් ත්‍රීවීල් රථයක් එම මාර්ගය අසල පිහිටි ඇලකට පෙරෙලී තිබුණා. වෙනත් වාහනයකට මාර්ගයේ ඉඩ දීමට යාමේදි මෙම අනතුර සිදුවී තිබූ අතර රියදුරා හා අනෙක් සිටි තැනැත්තා ඇලට පැනීමෙන් ජීවිතය බේරාගන තිබුණා.







ජායාරූප: සම්පත් බණ්ඩාර

Related Posts Plugin for WordPress, Blogger...