අනතුර නිසා නැඟිටීමට නොහැකි ගවයාගේ අලුත්ම තත්ත්වය
Monday, October 22, 2012
එම පුවතට ක්ෂණික ප්‍රතිචාර දැක්වූ අපගේ කාරුණික පාඨකයන් කිහිප දෙනෙක් එක්වී එම ගවයා සොයාගන ඌ සුවපත් කිරීම සඳහා අවශ්‍ය කරුණු සොයා බලා තිබුණා.
පසුව ඔවුන් විසින් ගවයාගේ නවතම තත්ත්වය පිළිබඳව ජායාරූප සමඟ අප වෙත දන්වා ඇත්තේ මෙසේය.
ඉහත සඳහන් ගොසිප් 9 පුවත ඉතා නිවැරදි වන අතර අදාල ගවයාගේ තුවාලය මාගේ අදහස අනුව ඉතා ඉක්මනින් ප්‍රතිකාර කල යුතු අවදානම් තත්ත්වයක ඇත. ගැහැණු සතෙකු වන මෙම ගවයා හට හිමිකරුවෙකු සතු වුවත් මෙම සතාට නිවැරදි ප්‍රතිකාර ලබා දීමට තරම් ඔවුන්ට ආර්ථික හැකියාවක් නොමැති බව මගේ මතයයි.
මෙම ගවයා නිදැල්ලේ මාර්ග වල ඇවීදීමට පුරුදුව ඇති නිසා සොයා ගැනීමට තරමක් අපහසු විය. අප පිරිසක් එක් වී මෙම සතාට නිවැරදි ප්‍රතිකාරයක් ලබා දිය හැකිනම් ඉතාමත් වටිනා පිංකමකි.
මේ පිළිබඳව ඉතාමත් කාරුණිකව මෙන්ම ඉතාමත් උනන්දුවෙන් සොයා බලන ගොසිප් 9 පාඨකයින් වන රණවීර මහතාටත්, ඉබ්බාටත්, වෛද්‍ය තුමියටත්, මාගේ අවංක කෘතඥ තාවය පිරිනැමිය යුතුමයි.
මා විසින් අද දින ( 2012 - 10 - 22 ) උදෑසන හයිලෙවල් මාර්ගයේ නාවින්න ප්‍රදේශයේදී ලබාගත් ඡායාරෑප කිහිපයක් මේ සමඟ අමුනා ඇත.
ඉතා ඉක්මනින්ම කාරුණික ඔබේ අවදානය පිණිසයි...!!!
ලසිත් ගුණසේකර
0773640025
glipgh@gmail.com
ලසිත් ගුණසේකර මහතා විසින් වෛද්‍යවරියක් (පශු වෛද්‍යවරියක් නොවේ) මෙම කාර්යය සඳහා සොයාගන ඇති අතර ඇයගේ අදහස අනුව සුවපත් වන තෙක් ගවයාට අවශ්‍ය ආහාර පාන සැපයීම හා ප්‍රතිකාර ලබා දීමේදී උදවු වීම සඳහා පිරිසකගේ සහභාගීත්වයක් අවශ්‍යව පවතී.
ගවයාගේ තත්ත්වය නරක අතට හැරෙමින් පවතින නිසා ඉහත අංකය හරහා සම්බන්ධ වෙමින් ඌ සුවපත් කිරීමට හැකි කාරුණික ගොසිප්9 පාඨකයන් එක්වන ලෙස අපි කාරුණිකව අපි ඉල්ලා සිටිමු.
තුවාල වූ ගවයාගේ අද උදෑසන ගත් ජායාරූප පහතින්.
