ගුවන් විදුලි නාලිකාවල සංඛ්‍යාත වෙනස් වන්නේ මෙහෙමයි

ගුවන් විදුලි නාලිකා රට වටා විකාශය කිරීමේදී භාවිතා කරන විවිධ සංඛ්‍යාත වෙනුවට එක නාලිකාවක් සඳහා දිවයිනටම එකම සංඛ්‍යාතයක් ලබාදීමට ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර ඇති බව මෙයට පෙර ලිපියකින් අප ඔබ වෙත ගෙන ආවා.

සංඛ්‍යාත 87 සිට 107 දක්වා පරාසය තුල දැනට ගුවන්විදුලි නාලිකා 43 ක් ක්‍රියාත්මක වන අතර එම හේතුවෙන් ඇතැම් පළාත්වලට කිසිදු නාලිකාවක් හරියාකාරව ශ්‍රවනයනොවීම මෙයට හේතුව ලෙස සඳහන් කොට තිබෙනවා.

ඒ අනුව නොවැම්බර් පළමු වෙනිදා සිට දිවයින් පුරා සංඛ්‍යාත භාවිතා කල ගුවන් විදුලි නාලිකා සඳහා මුළු දිවයින වෙත ආවරණය වන සේ සංඛ්‍යාත පරාස දෙකක් ලබාදී තිබෙනවා

මීට පෙර නාලිකා දෙකක් අතර තිබූ 0.2 ක සංඛ්‍යාත වෙනස 0.3 දක්වා වැඩි කර ඇත. නිල නොවන ආකාරයෙන් අප වෙත දැනගන්නට ලැබී ඇති පරිදි දැනට විකාශය වන ගුවන් විදුලි නාලිකා වල නව සංඛ්‍යාත පරාස මෙසේය.


  1. Y එෆ්.එම් 92.7
  2. සන් එෆ්. එම් - 98.9 හෝ 98.7
  3. නෙත් එෆ්. එම් - 94.8 හෝ 95
  4. අලි එෆ්. එම් - 91.4
  5. හිරු එෆ්. එම් - 96.1 හෝ 96.3
  6. සූරියන් එෆ්. එම් 103.4 හෝ 103.6
  7. ගෝල්ඩ් එෆ්. එම් - 93 හෝ 93.2
  8. වී එෆ්. එම් - 107
  9. රිදම් එෆ්. එම් - 95.6
  10. ශ්‍රී එෆ්. එම් -100 හෝ 100.2
  11. රන් එෆ්. එම් - 88.1 හෝ 100.5
  12. E එෆ්. එම් - 88.3
  13. සිරස එෆ්. එම් -106.5 හෝ 106.7
  14. Yes එෆ්. එම් -100.8 හෝ 101
  15. සිංහ එෆ්. එම් -88.8 හෝ 88.6
  16. ලක් එෆ්. එම් 106.2
  17. TNL Rocks -9 9.2
  18. Lite එෆ්. එම් -87.6 හෝ 87.8
  19. එෆ්. එම් දෙරණ -92.2 හෝ 92.4
  20. ඉසිර TNL-89.1 හෝ 89.3
  21. රන්ගිරි ශ්‍රී ලංකා - 104.4 හෝ 105.7
  22. ලක්හඬ - 93.5 හෝ 93.7
  23. වසන්තම් එෆ්. එම් - 102.6 හෝ 102.8
  24. මැක්ස් රේඩියෝ 95.3
  25. බෞද්ධයා ගුවන් විදුලිය - 101.3 හෝ 01.5
  26. ලක් ඒෆ්. එම් - 106 හෝ106.2
ඔබ දන්නා වෙනත් ගුවන්විදුලියන්හි නව සංඛ්‍යාත පරාස පහතින් සඳහන් කරන්න

-සම්බන්ධිත පුවත්-
නොවැම්බර් මස සිට ගුවන් විදුලි නාලිකාවන් සඳහා එකම සංඛ්‍යාතයක්

Related Posts Plugin for WordPress, Blogger...