ගුගල් සේවාවන්ට පණ දෙන ගුගල් දත්ත මධ්‍යස්ථාන
Friday, October 19, 2012
ගුගල් සෙවුම් යන්ත්‍රය, යු ටියුබ්, බ්ලොගර්, ගුගල් ප්ලස් ඔවුන්ගේ වඩාත් ජනප්‍රිය සේවාවන් වේ.
මෙම සියලු සේවාවන් ක්ෂණික ලොව පුරා මිලියන ගණනක් අන්තර්ජාල පරිශීලකයන් වෙත ලබාදීම සඳහා ගුගල් විසින් ලොව පුරා දත්ත මධ්‍යස්ත්නා අටක් පවත්වාගෙන යනු ලබනවා.
මෙම දත්ත මධ්‍යස්ථාන ෆින්ලන්තය, බෙල්ජියම ඇතුළු රටවල් කිහිපයක පවත්වාගෙන යන අතර නව දත්ත මධ්‍යස්ථාන චිලි, හොම්ග්කොන් , සිංගප්පුරුව , තායිවානය වැනි රටවල ඉදි කිරීමට නියමිතයි.
ස්ටීවන් ලෙවි නම් මාධ්‍යවේදියා ගුගල් සමාගමේ විශ්වාසය දිනා මෙලෙස දත්ත මධ්‍යස්තාන පිලිබඳ ලිපියක් පල කිරීමට හැකිවී ඇත්තේ ගුගල් සමාගමේ විකාශය පිලිබඳ පසුගිය වසරේ පොතක් පළකිරීමත් සමගය.
පහතින් දැක්වෙන්නේ ගුගල් සමාගමේ දත්ත මධ්‍යස්ථානයන්හි ඇතුලත දර්ශන කිහිපයකි.
වර්ග අඩි එක්ලක්ෂ පහළොස් දහසක පමණ පමණ ඉඩකඩක අසුරා ඇති සර්වර්

ගුගල් කලර් කෝඩ්ස් :මෙහි පයිප්ප තුලින් ගෙනයන්නේ සිසිලන පද්ධතිය සඳහා අවශ්‍යය වතුර වන අතර රතු පති පයිප්පයෙන් රත්වූ වතුරත් නිල් පැහැති පයිප්පයෙන් සිසිල් වූ ජලයත් ගෙනයනු ලබනවා

දත්ත මධ්‍යස්ථාන කෙතරම් විශාලද කියහොත් එහි වටා යාමට සේවකයන්ට බයිසිකල් ලබාදී ඇත.

දත්ත මධ්‍යස්ථාන ආරක්ෂාවට යොදා ඇත්තේ රොබෝවෙක්?

සරවර් සිසිල් කිරීම සඳහා විශාල ප්‍රමාණයකින් යුතු කුලින් ෆෑන් ක්‍රියාත්මක වන අයුරු
කොළ පැහැයෙන් දැක්වෙන්නේ සර්වර් හි ක්‍රියාකාරිත්වය (server status ) දක්වන එලිය

සිසිලන පද්ධතියක් ලෙස වතුර ක්‍රියාත්මක වන අතර විවිධ පැහැයෙන් යුතු බට මගින් සිසිල් වතුර ඇතුලටත් රත්වූ වතුර පිටතටත් ගෙන යාම සිදු කරනවා.

අයෝවා හි පිහිටා ඇති ගුගල් දත්ත මධ්‍යස්ථනයක්


ගුගල් ඉංජිනේරුවරයෙකු රත්වූ ප්‍රොසෙසරයක් පරික්ෂා කරන අයුරු

ස්ට්‍රීට් විව් තුලින් නැරඹිය හැකි අයුරු පහත විඩියෝවෙන් බලන්න
ඉහත ජායාරුප හා තවත් ජායාරුප විශාල ප්‍රමාණයෙන් නරඹන්න මෙතනින්
