රන්ජන් - අනර්කලී ගැටුම ඇතිවුනේ නිල් බලකාය නිසා

සිදුවීමට "නිල් බලකාය" ගැවිමත් සමග අනර්කලී රන්ජන් සමග පැටලෙයි.

මෙයට පෙර පුවතකින් අප වාර්තා කලේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අතරත් පළාත් සභා මන්ත්‍රිනී අනර්කලී ආකර්ෂාත් අතර ඉටි මල් ටෙලි නාට්‍යයේ දර්ශන තලයේ ඇතිවූ ගැටුමක් සම්බන්ධවයි.

මෙම ගැටුම දේශපාලනය සම්බන්ධව පැන නැගුනක් බව බොහෝ දෙනා දන්නවා වුවත් ගැටුමට මුල් වූ දේශපාලන කාරණය දැනගෙන සිටියේ නැත. පසුගිය දිනක පුවත්පතකට සම්මුඛ සාකච්චාවක් දෙමින් රන්ජන් රාමනායක එම ගැටුමට හේතුව හෙළිකොට තිබේ.

රන්ජන් ගැටුමට හේතුව විස්තර කල අයුරු බලන්න පහතින්


"මම මේ සිද්ධිය පිලිබඳ වැඩිදුර කතාකරන්න කැමති නැහැ. එත් මගේ පැත්තෙන් පුංචි දෙයක් හෝ කිවයුතුයි. පහුගිය දවස්වල දැක්ක අනර්කලී යම් යම් වැඩසටහන්වලදී මේ ගැන කතා කරලා තිබුනා.


ඔය සිද්ධියට මුල්වුණේ දකුණු පළාතේ අපචාර වලට සම්බන්ධ ඒවගේම මැරකම් වලට සම්බන්ධ දේශපාලඥයෙක්. ඔහුට එරෙහිව නිතිය හමුවේ තිබෙන සිදුවීමක් ගැන තිස්ස විජේසුරේන්ද්‍ර මහතා විමසුවා.

ඉතින් ඔය ගැන කතාකරන අතරේ මම කිව්වා ඔහු නිල් බලකායට සම්බන්ධ පුද්ගලයෙක් කියලා. ඕකම තමයි මතගැටුමට මුල්වුණේ.

නමුත් දැන් මම ඒ සිද්ධිය ගැන පසුතැවෙනවා. මම දේශපාලනය තුල සැහෙන්න කාලයක් හිටියා. කලාව තුලත් සැහෙන්න කාලයක් සිටියා. නමුත් මම ප්‍රවේසම් විය යුතුයි නොදන්නා ය එක්ක නොදන්නා දේවල් කතා කරන්න යාමෙන්".

Related Posts Plugin for WordPress, Blogger...