බොරු අපායේ සද්දේ කතාවට මර්විනුත් අහු වෙයි
Friday, October 5, 2012
එම ලිපියෙන් කියවුනේ 1989 දී සයිබීරියාවට ගිය රුසියානු පර්යේෂකයන් පිරිසක් කිලෝමීටර් 14.5 ක් යටට පොළොවෙහි සිදුරක් විද මයික්‍රෙෆෝන සහ දෘශ්‍ය උපකරණ සිදුර දිගේ පහළට යැවූ පසු විලාප තැබීමේ හඬවල් සමූහයක් පටිගත කර ගැනීමට පර්යේෂකයන්ට හැකිවූ පුවතකි.
සැබැවින්ම එම කතාව ගොඩනඟා තිබුනේ 1972 දී තිරගත කරන ලද "බැරන් බ්ලඩ්" නැමති චිත්‍රපටයේ කොටසකින් ගන්නා ලද හඬ පටයකිනි.
මේ අතර මර්වින් සිල්වාද එම අපාගේ බොරු ශබ්දයට රැවටී තිබෙනවා.
ඊයේ වේදිකාවක මර්වින් සිල්වා විසින් අපාය තිබෙන ස්ථානය පිළිබඳව එහි සිටි හාමුදුරුවරුන් දැනුවත් කර සිටියේ මෙලෙසින්.
"අලුතෙන් සොයාගන තියනවා කිලෝමීටර් 14ක් ගිහාම පොළව යට හාමුදුරුවනේ විශාල ශබ්ධ ඇහෙනවා. මිනිස්සු, කාන්තාවන් කෑගහනවා ඒ තමයි නරකාදිය. නරකාදියේ යන පිරිසකුත් ඉන්නවනේ, ඊර්ෂ්‍යාව, වෛරය, තන්හාව, ක්‍රෝධය තියන අය යනවා. තනතුරු වලට නවත්තන්න බෑ."
එම වීඩියෝව පහතින්.
රුසියාවේ පරීක්ෂකයන්ට අපායේ ශබ්ධය ඇසුණු සම්පූර්ණ කතාව සහිත එම පෙර ලිපිය පහතින්
-සම්බන්ධිත පුවත්-
රුසියාවේ පරීක්ෂකයන්ට ඇහුනු අපායේ සද්දේ
