අධ්‍යාපන ඇමති ගෙදර පල කිව්වට මම යන්නේ නෑ
Monday, October 8, 2012
ඔහු ඒ බව පැවසුවේ කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේදී පැවති උත්සවයකදීය.
සමහරු මේ දවස් වල අපේ ගෙදර ලඟ තාප්පෙ පෝස්ටර් ගහලා තියනවා "අධ්‍යාපන ඇමති වහාම ගෙදර පල" කියලා. මම හිතන්නේ මේක අපේ ගෙදරින් ක්‍රියාත්මක කරන කුමණ්ත්‍රණයක් කියලා. මොකද මම හැමදාම පාන්දරින් ගෙදරින් ඇවිත් ගොඩක් රෑ වෙලයි ගෙදර යන්නේ.
මේ නිසා මාව ඉක්මනින් ගෙදර ගෙන්නගන්න අපේ ගෙදර කට්ටියගේ උදව් ඇතුව තමයි මේ අය තාප්ප වල මෙහෙම ලියන්න ඇත්තේ.
තාප්ප වල ගෙදර පල කියලා ලිව්වට මම යන්නේ නෑ. මේ රටේ නිදහස් අධ්‍යාපනය සුරැකීමට සේවයක් ඉෂ්ඨ කර පාසැල් දස දහසක් රට තුළ පිහිටවන තෙක් මම ගෙදර යන්නේ නෑ.

