දියනිය වරදින් මුදවාගන්නා කෙනෙකුට හොංකොං වල පියාගෙන් කෝටි 834ක්

සමලිංකික සේවනයට ඇබ්බැහිවූ තම දියනිය එයින් මුදවාදීමට හැකි අයෙකුට ස්ටර්ලිං පවුම් මිලියන 40ක් (රුපියල් කෝටි 834ක්) ලබාදෙන බව හොංකොං වල පුද්ගලයෙක් වන Cecil Chao Sze-tsun පැවසීමත් සමඟ ඇයව විවාහ කරගැනීමෙට යෝජනා ලොව වටා ප්‍රදේශ වලින් ගලා එන බව හොංකොං වලින් වාර්තා වෙනවා.

ඔහු පවසන්නේ දියනිය සමලිංගික සේවනයෙන් මුදවාගන ඇය හා සාම්ප්‍රදායික විවාහයකට පිවිසී ඇයව රැක බලාගතයුතු බවයි

ඔහුගේ 33 හැවිරිදි Gigi Chao නම් වන දියණිය උපාධිධාරිනියක් වන අතර ඇය පසුගිය අප්‍රේල් මාසයේ පැරීසියට ගොස් සමලිංගික විවාහයක් කරගනු ලැබ තිබෙන්නේ හොංකොං වල සමලිංගික විවාහ සඳහා නීතියෙන් ඉඩක් නොමැති නිසාය.


76 හැවිරිදි මෙම ව්‍යාපාරික පියා සතුව රෝල් රොයිස් වාහනයක් හා හෙලිකොප්ටරයක්ද තිබෙන අතර ඔහු විසින් නිරූපිකාවන් හා නිළියන් 10,000ක් පමණ සමඟ යහන්ගතවී ඇති බවටද පුරසාරම් දොඩනවා.

Gigi Chao ගේ, ව්‍යාපාරික පියාගේ හා ඇය පැරීසියට ගොස් කරගත් සමලිංගික විවාහයේ ජායාරූප පහතින්.
























Related Posts Plugin for WordPress, Blogger...