කෝටි 5ක වන්දි ඉල්ලා ගාල්තැන්න දේවාලයෙන් ලංකා පුවත්පතට නඩු
Thursday, October 18, 2012
එම පුවත් පත පලකරන සිමා සහිත ලංකා ෆාස්ට් පබ්ලිකේෂන් වෙත පැවරූ එම නඩුවට හේතුවී ඇත්තේ "එකසිය අටක් මැරූ දේව පුත්‍රයාගේ වැඩකිඩ" හා "කාලි අම්මට නොපෙනන ගාල්තැන්නේ දුෂණ" යන ලිපි දෙකක් මගින් ගාල්තැන්න දේවාලයේ දූෂණ රටට හෙළි කිරීමයි.
මෙයට පෙර ගාල්තැන්න දේවාලයේ කපු මහතා විසින් ඔහුගේ නිරුවත හෙළි කල නෙත් එෆ්.එම් ගුවන් විදුලිය භංග වීම සඳහා විශේෂ පුජාවක් සිදු කල අතර එයින් කිසිදු ප්‍රතිඵලයක් නොලද තැන නෙත් එෆ්.එම් වෙත මිලියන 50 ක වන්දි නඩුවක් පවරා ඇත.
පසුගිය 7 වැනිදා ඉරිදා ලංකා පත‍්‍රයේ පලවූ "දළදා මැදුරේ තේවා හඬ රැව් දෙනවා- නිළමේ සියලූ දේපළ විකුණං කනවා" යන ලිපිය දියවඩන නිළමේවරයාගේ දූෂණ ක්‍රියා හෙළිකළ අතර ඒ සමඟම රට වටා ඇලවූ "දෑලගේ දළදා කොල්ලය" නම් පෝස්ටර පිළිබඳව මල්වතු හිමියන් විසින් ලිපියක් මඟින් ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහගෙන් වෙත දන්වා ඇත්තේ එමඟින් දළදා වහන්සේට අගෞරවයක් වූ බවයි.
දියවඩන නිළමේවරයාගේ දූෂණ පිළිබඳව හෙළිකිරීමෙන් දළදා වහන්සේට අගෞරවයක් නොවන අතර වඩා වැදගත් වන්නේ දළදාමාලිගාවේ මුදල් හා දේපළ වංචා නොකර සිටීමයි.
-සම්බන්ධිත පුවත්-
1). අස්ගිරි හිමිගෙන් ගාල්තැන්නේ කපුවාට චරිත සහතිකයක්
2). නෙත් එෆ්. එම් බැලුම්ගල ගාල්තැන්නේ දේවාලයට ගොස් වීඩියෝ කරයි
3). ගාල්තැන්නේ හාස්කම් දැක්කාද?
4). ගාල්තැන්නේ දේවගැතිගෙන් හමුදාවටත් නියෝග
5). නෙත් එෆ්.එම්ට ශාපකොට ගාල්තැන්නේ දේවගැති පෝස්ටර් අලවයි
6). නෙත් එෆ්.එම් භංග කිරීමට ගාල්තැන්නෙන් විශේෂ පුජාවක්
7). මාර්ග නීති නැති ගාල්තන්නේ කපුවාගේ ඩිෆෙන්ඩර් රථය
8). මිලියන 50 ක වන්දි ඉල්ලා ගාල්තැන්නේ දේවාලයෙන් නඩු
9). ගාල්තැන්නට ආවඩන ස්වර්ණවාහිනිය
10). ගංවතුර ගැලුවේ ගාල්තැන්නේ දෙවියන් කෝප වීම නිසාලු
