4G දෙන්න මොබිටෙල් රට පුරා කුළුණු 1400 ක් ඉදි කරයි

ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනය ZTE Corporation හා Huawei Technologies ආයතන සමඟ ව්‍යාපාර සහයෝගිතාවකට පසුගියදා එළඹුනා

මෙම ගිවිසුමට අනුව එම ආයතන විසින් මොබිටෙල් ආයතනය වෙනුවෙන් 2G/3G සහ 4G LTE (Long Term Evolution) සම්ප්‍රේෂන මධ්‍යස්ථාන 1,400ක් ඉදිකෙරෙනු ඇත.

මෙසේ අමතරව එක්කෙරෙන සම්ප්‍රේෂන මධ්‍යස්ථානයන් තුළින් දකුණු ආසියාවේ ප්‍රථම 4G (FDD- LTE) තාක්ෂණ මත පදනම් වූ ජංගම දුරකථන ආවරණ ජාලය බවට මොබිටෙල් පත්වනු ඇති.


මේ පිළිබඳව ටෙලිකොම් මොබිටෙල් ආයතනය පවසන්නේ වාර්තාගත කාලයක් තුළ සම්ප්‍රේෂන මධ්‍යස්ථාන 1,000ක් ස්ථාපිත කිරීමට ඔවුනට හැකියාව ලැබූ බවත් මොබිටෙල් ආයතන මෙලෙස ZTE හා Huawei ආයතන සම්ඟ මෙසේ ගිවිසුමකට එළැඹීමේ වඩා තීරණාත්මක වන්නේ එය මොබිටෙල් ජාල පුළුල් කිරීමේ මී ලඟ අදියර වන නිසා බවයි

සම්බන්ධිත පුවත්-
ඩයලොග් 4G
4G තාක්ෂණයෙන් සන්නද්ධ වන පළමු දකුණු ආසියාතික රට ලංකාවයි !

Related Posts Plugin for WordPress, Blogger...