රුසියාවෙන් සොයාගත් වසර 4,000ක් පැරණි අශ්ව රූපය

පේරු රාජ්‍යයේ නස්කා කාන්තාරයේ විශාල ප්‍රදේශයක පැතිරී ඇති රේඛා ලෝ පතල වී තිබෙන්නේ ඒවා අවුරුදු දහස්ගානක් පැරණි ඒවා නිසාම පමණක් නොව එම රේඛාවන්ගෙන් නිර්මාණය වූ විවිධ සතුන්ගේ රූප පැහැදිලිව දර්ශනය වන්නේ අහසට පමණක් නිසාය

ක්‍රි:පූ 4 වන සියවසට අයත් ඒවා සොයාගත්තේ 1927 වසරේය.

මේ ආකාරයේම අශ්වයෙකුගේ හැඩයෙන් යුත් ගලින් නිර්මාණය කරන ලද ගල්වැටි සමූහයක් පසුගියදා කසකස්ථානයේ උරල් කඳුවැටියේ තිබී සොයාගන තිබෙන්නේ ගූගල් අර්ත් මඟිනි.


පාපන්දු ක්‍රීඩා පිටි දෙකක් හෙවත් අඩි 900ක් පමණ දිග මෙම නිර්මාණය වසර 4,000ක් පමණ පැරණි බව සොයාගන ඇති අතර නස්කා රූප මෙන් අහසේ සිට බලන විට පමණක් පැහැදිලි රූපයක් ලෙස පෙනෙන ලෙස මේවා කුමන අරමුණක් සඳහා නිර්මාණය කලාදැයි ගැටළුවකි.

ගල් හා මැටි යොදාගන නිර්මාණය කර ඇති මේවායේ කැනීම් කටයුතු අරඹා ඇති අතර ඒවා නිර්මාණය කිරීමට ගන්නා ලද ආයුධ 40ක් පමණ මේ වනවිට සොයාගන තිබෙනවා.





Related Posts Plugin for WordPress, Blogger...