සූර්යයන් 4 දෙනෙකුගෙන් යුත් ග්‍රහලොවක් සොයාගනී.
Thursday, October 18, 2012
එම ග්‍රහලොව වටා සූර්යයන් දෙදෙනෙකු බ්‍රමණය වන අතර ග්‍රහලෝකද තවත් සූර්යයන් දෙදෙනෙකු වටා බ්‍රමණය වීම මෙහි ඇති විශේෂත්වයයි.
සුර්යයන් දෙදෙනෙකු වටා බ්‍රමණය වන ග්‍රහලෝක මේ වනවිට 6ක් පමණ සොයාගන ඇතත් ග්‍රහලෝකයක් වටා සූර්යයෙක් භ්‍රමණය වන අවස්ථාවක් සොයාගත් පළමු අවස්ථාව මෙයයි.
පෘතුවිය මෙන් 6 ගුණයක් විශාල වන එම ග්‍රහලෝකට PH1 ලෙස නම් කර ඇති අතර එය පිහිටා තිබෙන්නේ ආලෝක වර්ෂ 3,200ක දුරිනි.
ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාඥයෙක් මේ පිළිබඳව පවසා ඇත්තේ මේ ආකාරයේ සංසිද්ධියක් කෙසේ ඇතිවීදැයි සිතාගැනීමත් ගැටළු සහගත බවයි.
එම ග්‍රහලෝකය බ්‍රමණය වන එක් සූර්යයෙක් අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයායා මෙන් 1.5 ගුණයක් විශාල වන අතර අනෙක් සූර්යයා අපේ සූර්යයා මෙන් 0.41 ගුණයකි.
එම සූර්යයන් දෙදෙනාද දින 20කට වරක් එකිනෙකා පසුකරන අතර ග්‍රහලෝකය වටා කැරකෙන සූර්යයන් දෙදෙනා අතර දුර වන්නේ පෘතුවියේ සිට අපගේ සූර්යයාට ඇති දුර මෙන් දහස් ගුණයකි.
මෙහි උෂ්නත්වය සෙල්සියස් අංශක 484ක් පමණ වන නිසා එහි ජීවයක් නොපවතී.
