තවත් ජංගම දුරකථනයක් සාක්කුවේ පුපුරා යයි
Thursday, September 13, 2012
ගල්ගමුව නගරයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන්ද එතැන සිට ඇති අතර පිපිරීම හේතුවෙන් ඔහු ඇඳ සිටි කිලිසමද ගිනිගෙන ඇත. 51 හැවිරිදි ඔහුගේ පාදයක් හා අතක් ද එම නිසා පිලිස්සී ඇත.
ඔහු භාවිතා කර ඇති දුරකථනය වන්නේ Samsung GT E1085F ය
පසුගිය ජූලි 09 වනදා ගම්පහ ප්‍රදේශයේ පදිංචි රංග දුමින්ද නම් තැපැල් සේවයේ නියුතු පුද්ගලයාගේද සාක්කුවේ තිබියදී ජංගම දුරකථනය පුපුරා ගිනිගෙන තිබුණා.
එය සාක්කුවෙන් ඉවත්කිරීමට යාමේදී ඔහුගේ අතක්ද පිලිස්සී හදිසි අනතුරු අංශයට ඇතුලත් කර තිබුණා.
2011 වසරේ මාර්තු මාසයේ 04 වෙනිදා ආරෝපනය කරමින් තිබූ ජංගම දුරකථනයක් පුපුරා යාමෙන් පැළෑද මාහේන මංගලාරාම විහාරස්ථානයේ සංඝාවාසයේ කොටසක් විනාශයට පත්වුණා. ගින්න හේතුවෙන් හේතුවෙන් එහි තැන්පත් කර තිබූ චීවර මෙන්ම ඉතා ඉහළ වටිනාකමකින් යුතු පොත්පත් හා උපකරණ විනාශ වී තිබුනා.

මෙම ජංගම දුරකථනය ආරෝපනය කිරීම සඳහා විදුලි පේනුවට සම්බන්ධ කර තිබියදී පිටින් ඇමැතුමක් පැමිණි නිසා මේ සොල්දාදුවා එයට පිළිතුරු දීම සඳහා දුරකථනය ඔසවා තිබුණා. ඒ අවස්‌ථාවේ ජංගම දුරකථනය පුපුරාගොස් ඇති අතර පසුව සෙබළා යාපනය රෝහලට ඇතුළත් කර තිබුණා.
සෙබළාගේ ඇස් දෙකටම හානි සිදුවී තිබූ අතර එක් ඇසක් සම්පූර්ණයෙන්ම අන්ධ වුණා.
දැනට ජංගම දුරකථන නිසා ලංකාවෙන් වාර්තාවෙන්නේ මෙම අනතුරු හතරයි.
නිෂ්පාදන තත්ත්වයෙන් බාල, ප්‍රමිතියෙන් තොර ලාභදායි ජංගම දුරකථන භාවිතා කිරීම මෙම අනතුරු වලට එක හේතුවක් වන අතර ඒවායේ භාවිතා වන කෝෂද ප්‍රමිතියෙන් තොරය. නමුත් ඉහත අනතුරේදී පුපුරා ගොස් තිබුනේ ප්‍රමිතියෙන් තොර දුරකථනයක් නොවේ.
ඇතැම් විට දුරකථනය හොඳ එකක් වුවද ඔහු භාවිතා කල බැටරිය ලාභදායි බාල වර්ගයේ එකක් විය හැකිය. අවුරුද්දක් දෙකක් පමන ජංගම දුරකථනයක් භාවිතා කරන විට එහි බැටරියේ දෝෂ ඇතිවෙන අතර බොහෝ දෙනා එවිට පෙළඹෙන්නේ වෙලඳපොළේ තිබෙන අඩුම මිලට ඇති බැටරිය දාගැනීමටයි. කිසිවෙක් එහි ගුණාත්මකතාවය ගැන සොයන්නේ නැත.

ඕනෑම මාදිලියේ ජංගම දුරකතනයක් Radio Frequency Transmitter විශේෂයකින් සමන්විත වෙන අතර ඒවා ක්‍රියාත්මක වන්නේ රේඩියෝ සංඛ්‍යාත තරංග භාවිත කරමින්. ඒ නිසා සම්ප්‍රේෂණ කුලුන හා සම්බන්ධ වී පණිවිඩ හුවමාරු වනවිට පිටවන විකිරණ ශරීරයට හානිකර ඒවා බවයි පර්යේෂණවලින් තහවුරු වී තිබෙන්නේ.
ජංගම දුරකථන පමණක් නොව රේඩියෝ තරංග නිකුත් කරන ඕනෑම උපකරණයකින් මෙය සිදුවන්න පුළුවන් වන අතර බාල තත්වයේ දුරකථන ප්‍රමිතියෙන් තොර නිසා ඒවායේ තරංග පිටවීමද වැඩිවිය හැකි නිසා ඇමතුමක් ලබාගැනීමේදී එය මොලයට බලපාන ප්‍රමාණයද වැඩිය. ඇමතුමක් පැමිණෙන අවස්ථාවේදී එම තරංග වෘෂණ කෝෂ වලටද නිරාවරණය වීම නිසා මඳ සරු විමටද ඉඩකඩ වැඩිය.
සාක්කුවේ හැර වෙනත් තැනක දුරකථනය දමාගන යෑම ප්‍රායෝගික නොවන නිසා ජංගම දුරකථනය සාක්කුවේ දමාගන සිටිනවිට යතුරු පුවරුව තමන් දෙසට සිටිනසේ දමාගන යෑම මේ සඳහා එක විසඳුමකි.
පසුගිය වර්ෂ වලදී Nokia දුරකථන කිහිපයක්ද මෙලෙස පුපුරා ගොස් තිබුනා.

එහි බැටරියට අනතුරක් වී නොමැති නිසා Quad-core processor එක රත්වීම නිසා මේ ආකරයෙන් ගිණිගත් බව බොහෝ දෙනා සැක පල කල අතර එය දුටු සැම්සුන් සමාගම විසින් එහි අයිතිකරුට කතාකර එම දුරකථනය ලබාගන පරීක්ෂා කර තිබුනා.
ඔවුන් එය මයික්‍රෝවේව් උදුනක දමා රත් කර Fire Investigations Report එකක්ද නිකුත් කර තිබුණා. (එම වාර්තාව මෙතනින්)
පසුව එම සිද්ධියට මුහුණපෑ පුද්ගලයා තම වරද පිළිගෙන තිබූ අතර ඔහු පවසා තිබුනේ දුරකථනය වතුරට වැටුනු නිසා එය සෑදීමට මිතුරෙකුට ලබාදුන් බවත් ඔහු විසින් එම වතුර ඉවත්කිරීමට මයික්‍රෝවේව් උදුනක දමා රත්කිරීමේදී මෙලෙස ගිණිගත් බවයි.
අද සවස පුපුරා ගිය දුරකථනයේ ජායාරූප පහතින්.

ජායාරූප සඳහා ස්තූතිය: සංජීව රත්නායක.
පසුගිය වර්ෂයේ ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේද මේ ආකාරයටම ජංගම දුරකථනයක් පුපුරා ගොස් තිබුණා. ඒ පිළිබඳ වීඩියෝවක් පහතින්.
අද ගල්ගමුවේදී පුපුරා ගිය ජංගම දුරකථනය ගැන රූපවාහිනී නාලිකා දෙකක විකාශය වූ වීඩියෝ පහතින්.
මේ පිළිබඳව හිරු ටීවී වීඩියෝ පහතින්.
මේ පිළිබඳව ස්වර්ණවාහිනී වීඩියෝ පහතින්.
