ඊජිප්තු නිවේදිකාවන්ට හිජාබය පැළඳීමට නියෝග

ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක්ගේ පාලන කාලය තුලදී ඊජිප්තුවේ කාන්තාවන් විසින් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදී හිසකෙස් පෙනන පරිදි මුහුණ නිරාවරනය කර සිටිය යුතුය යන්න දශක ගනනාවක් තිබූ මතයකි.

නමුත් එම මතය ඉවත් කර හිසකෙ
ස්  වැසෙන සේ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට කිරීමට පසුගියදා ඊජිප්තුවේ රාජ්‍ය රූපවාහිනී නාලිකාව වන ස්ටේට් ටී.වී ආයතනය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ෆතිමා නබිල් එලෙස හිජාබ්ය සමඟ ප්‍රවෘත්ති ඉදිරිපත් කළ ප්‍රථම ඊජිප්තු කාන්තාව වෙනවා.


මෙය වත්මන් ඊජිප්තු ජනාධිපති මොහොමඩ් මෝර්සි විසින් රාජ්‍ය රූපවාහිනී නාලිකා තුළ යම් වෙනසක් සිදුකිරීමට ගත් පියවරේ මූලික අවස්ථාව ලෙස සැලකේ.

ෆතිමා නබිල් ප්‍රවෘත්ති කියූ වීඩියෝව පහතින්.



-සම්බන්ධිත පුවත්-
සවුදි කාන්තාවන් ඔලිම්පික් හි තරඟ වැදුනු අයුරු
ඔලිම්පික් සඳහා ප්‍රථම වරට සෞදි කාන්තා නියෝජනයක්

Related Posts Plugin for WordPress, Blogger...