නොකියා ඇනගන සමාව ඉල්ලයි
Monday, September 10, 2012
තරුණයෙක් හා තරුණියක් බයිසිකල් දෙකක යමින් සිටින අතර තරුණයා නොකියා දුරකථනයකින් තරුණියගේ වීඩියෝ දර්ශන ලබාගන්නා ආකාරය එහි පෙනෙන්නට සලස්වා දැන්වීම අවසානයේ වීඩියෝ දර්ශන බොඳවීමකින් තොරව දුරකථනයේ Optical Image Stabilisation (OIS) විශේෂාංගය මගින් ලබා ගත හැකි බවටද එහි දක්වා තිබෙනවා.
එම වීඩියෝ ගතකිරීම ලුමියා 920 දුරකථනයෙන් ලබාගත් ඒවා ලෙස හැඟෙන පරිදි වීඩියෝව නිශ්පාදනය කර තිබූ නමුත් එහි වූ එක්තරා දර්ශනයකදී එය වීඩියෝ ගතකරන්නාගේ දර්ශනයක් අසල වාහනයක වූ වීදුරුවකින් දර්ශනය වන අතර එයින් පෙනීයන්නේ ජංගම දුරකථනයකින් නොව විශාල කැමරාවකින් එම වීඩියෝ කිරීම කර ඇති බවයි.

කෙසේවුවද වීඩියෝව නිකුත්වූ දිනයේම මාධ්‍ය මගින් මෙය පෙන්වාදීම හේතුවෙන් නොකියා සමාගම දැඩි අපහසුතාවයකට පත්වී තිබෙන අතර පසුව ඔවුන් සමාව අයැද තිබෙනවා.
එම වීඩියෝව පහතින්.
