කුඩා ළමුන්ට නුසුදුසු ඇස්ට්‍රා මාගරින් තවමත් වෙළඳපොලේ
Friday, September 7, 2012
ඇස්ට්‍රා මාගරින් තුල විස රසායනිකයක් ඇතුලත් බව අනුරාධපුර මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් විසින් සනාථ කර තිබියදීත් සෞඛ්‍ය සේවා හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා එම මාගරින් මාස තුනක් යන තෙක් අලෙවි කිරීමට ලබාදුන් අවසරය හේතුවෙන් මෙසේ සිදුවී ඇත.
මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ පරීක්ෂණ අනුව E319 යන විස රසායනය ඇස්ට්‍රා මාගරින් තුල ඇති බව තහවුරු වූ බවත් ඊට විරුද්ධව කහටගස්දිගිලිය අධිකරණයේ නඩුවක් පවරා ඇති බවත් සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පසුගිය 05 වන දින කොළඹදී පැවති මාධ්‍යය හමුවකදී මේ බව අනාවරණය කර තිබුණි.
1991 අංක 20 දරන සංශෝධන ආහාර පනත යටතේ මෙවැනි අවස්ථාවක අදාළ නිෂ්පාදනය තහනම් කිරීමට බලය ලැබී තිබුනද හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාලවරයා විසින් සිදුකොට ඇත්තේ එම නිෂ්පාදනය අලෙවි කිරීම සඳහා තවත් මාස තුනක දිගුවක් ලබා දීමයි.
මේ පිළිබඳව සෞඛ්‍යය අමාත්‍යාංශයෙන් නිකුත් කළ ලිපිය

මෙම ලිපිය විශාල කර බැලීමට මෙතනින්.
