පැරා ඔලිම්පික් ඉතිහාසයේ පළමු ලෝකඩ පදක්කම ලංකාවට හිමිවේ
Wednesday, September 5, 2012
2012 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ හත්වැනි දිනය වූ ඊයේ (04 දා) T-46 කාණ්‌ඩයේ මීටර 400 ඉසවුවේ මූලික වටයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ ප්‍රදීප් සංජය, සිය ඉසව්ව ත. 49.82 කින් අවසන් කොට එහි අවසන් තරගය නියෝජනය කිරීමට වරම් ලබා ගත්තේය.
මෙවර පැරාලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනා අතරින් අවසන් තරගයක් සඳහා මෙතෙක් වරම් ලැබූ එකම ක්‍රීඩකයා ප්‍රදීප් සංජය වේ.
එක් අතක් අප්‍රාණික T-46 කාණ්‌ඩය නියෝජනය කරන ප්‍රදීප් සංජය, මූලික තරග දෙකකින් සමන්විත මීටර 400 ඉසව්ව දෙවැනි මූලික තරගයට සහභාගිවෙමින් දෙවැනි ස්‌ථානයට තරගය නිම කිරීමට සමත්වූ අතර එය ඔහුගේ පෞද්ගලික දක්‍ෂතාව ඉක්‌මවාලීමක් ලෙසද වාර්තා විය.
අදාළ තරග ඉසව්වේ අවසන් තරගය ශ්‍රී ලංකාවේ වේලාවන් අද (05 ) අළුයම 12.58 ට පැවැත්වුන අතර එහිදී තෙවන ස්ථානය ලඟා කරගනිමින් ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ප්‍රදීප් සංජය සමත් විය.ඔහුට එම ඉසව්ව නිමා කිරීමට ගතව තිබුනේ තත්පර 49.28 ක් පමණි.


