සරසවි වරම් ලබන්න අලුත් ක්‍රමයක් නුවරඑළියෙන්!
Friday, September 14, 2012
නුවරඑලිය දිස්ත්‍රික්කයේ උසස්පෙළ පන්ති පැවැත්වෙන පාසල් සඳහා වෙනත් දිස්ත්‍රික්ක වලින් ළමුන් පැමිණීමත් සමග එම දිස්ත්‍රික්කයේ ළමුන්ට අපහසුතාවයට මුහුණපෑමට සිදුව ඇත.
කොළඹ, මහනුවර, ගම්පහ, බදුල්ල, කළුතර, මාතර, මඩකලපුව වැනි දිස්ත්‍රික්ක වල සාමාන්‍යපෙළ සමත්වන ඇතැම් සිසුහු විවිධ ක්‍රම උපයෝගී කරගනිමින් නුවරඑලිය පදිංචි බව තහවුරු සහතික ලබාගෙන උසස්පෙළ සඳහා නුවර එලිය දිස්ත්‍රික්කයේ පාසල් වලට ඇතුලත් වී ඇත.
නුවරඑළියේ පාසල්වලට ඇතුල් වුනත් ඔවුන් අමතර පන්ති සඳහා යනු ලබන්නේ ඔවුන්ගේ සත්‍යය පදිංචි ස්ථානය වන කොළඹ, නුවර, මාතර වැනි ප්‍රදේශ වලටය.
මේ හේතුවෙන් වඩාත් අසාධාරණයට ලක්ව ඇත්තේ ඉතාමත් දුෂ්කර තත්ත්වයේ අඩු පහසුකම් යටතේ නුවර එළියේ ඉගෙනුම ලබන සිංහල හා ද්‍රවිඩ මාධ්‍යයේ සිසුන්ය.
