මාලක සිල්වා යුද හමුදා බුද්ධි අංශයේ මේජර්වරයකුට පහරදෙයි
Sunday, September 9, 2012
මෙම පහරදීම සිදු වී ඇත්තේ ජයික්හිල්ටන් හෝටලයට අයත් රථ ගාලේදී වන අතර මේජර්වරයා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
පනාගොඩ යුධ හමුදා කඳවුරට අනියුක්තව සේවය කරන ශ්‍රී ප්‍රදීප් නම් වන ඔහු මේ වනවිට හිසට සිදු වූ තුවාල හේතුවෙන් සැත්කමකට භාජනය කිරිම සඳහා ශල්‍යාගාරය වෙත රැගෙන ගොස් ඇත.
පහරදීමෙන් අනතුරුව මේජර්වරයා සතුවූ පිස්තෝලයද, ජංගම දුරකථනයද, ඔහුගේ රන් මාලයද මාලක සිල්වා විසින් පැහැරගෙන ගොස් තිබෙනවා.
යුද හමුදා මේජර්වරයා සහ ඔහුගේ සහායක නිලධාරියා මිතුරෙකු හමුවීම සඳහා කොළඹ ජායික් හිල්ටන් ගොඩනැගිල්ලට පැමිණ තිබේ. ඒ අවස්‌ථාවේදී මර්වින් සිල්වා ඇමැතිවරයාගේ පුත්‍රයා ඇතුළු පිරිසද එම ස්‌ථානයට පැමිණ ඇති අතර පසුව මේජර්වරයාට කතා කළ ඇමැති පුත්‍රයා ඔහුගෙන් දුම්වැටියක් ඉල්ලා තිබේ.
ඒ අවස්‌ථාවේ මේජර්වරයා ඔහුට දුම්වැටියක් ලබා දී ඇත. පසුව එය දල්වා ගැනීම සඳහා ඇමැති පුත්‍රයා මේජර්වරයාගෙන් ගිනි පෙට්‌ටියක්‌ද ඉල්ලා ඇති අතර එහිදී තමන් සතුව ගිනි පෙට්‌ටියක් නොමැති බව මාලක සිල්වාට මේජර්වරයා පවසා ඇත.
ඒ සමගම ගින්දර නොමැති නම් දුම්වැටි තබා ගන්නේ කුමකටදැයි විමසමින් මාලක සිල්වා සහ ඔහු සමග සිටි අය තමන්ට පහර දුන් බව මේජර්වරයා සහ ඔහුගේ සහායක නිලධාරියා පොලිසියට කර ඇති පැමිණිල්ලේ සඳහන්ව ඇත.
2007 වසරේදී රාත්‍රී සමාජශාලාවක් තුලදී ගණකාධිකාරීවරයෙකුට පහරදීම නිසා අධිකරණය විසින් මාස කිහිපයකට මාලක සිල්වාට සමාජ ශාලාවලට යෑම වලක්වා තිබුනා.
මෙයට පෙරදී අප විසින් හෙලිකල පරිදි මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා එක්ස්ටසි නම් මත් ද්‍රව්‍ය ගෙන්වීම හා බෙදාහැරීමේ ඒකාධිකාරය පවත්වාගෙන යන අතර කොළඹ තරු පහේ හෝටල්වල සති අන්තයේ පවත්වන ඩිස්කෝ නැටුම්හල්වල එක්ස්ටසි වෙළඳාම ජයටම සිදුවේ.
ලක්ෂ 400ක මෝටර් රථයක් පාවිච්චි කරන ඔහු රුසියානු ගනිකාවන් සඳහා ඔහු මහත් ලොල් කමක් දක්වන අතර මර්වින් සිල්වාගෙන් පසු කැළනිය ආසනය බාරගැනීමටද නියමිතයි.
මෙම සිදුවීමෙන් පසුව මාලක සිල්වා තවමත් අත් අඩංගුවට ගෙන නැහැ.

-සම්බන්ධිත පුවත්-
මගේ කාර් එක ලක්ෂ 400 යි - මාලක සිල්වා
මාලක සිල්වා සමාජ සුබසාධනය කරන්නේ ගිනි අවියෙන්ද?
ජනතාවට ඕනේ නම් මම දේශපාලනයට එනවා- මාලක සිල්වා
මම දේශපාලනයට එන්නේ නෑ - මාලක සිල්වා
මර්වින්ගේ පුත් මාලක සිල්වා දේශපාලනයට?
රුසියානු ගණිකාවක් ඉල්ලා මාලක සිල්වා හඬා වැටෙයි
