ගාල්ලේ සවුත්ලන්ඩ් විදුහල්පතිනියගේ අපුරු විසඳුම
Saturday, September 29, 2012
මෙයට හේතුව වී ඇත්තේ මියගිය දැරියගේ සිරුර මුද්‍රා තැබීමත් පැය 24 ක් තුල අවසන් කටයුතු සිදු කිරීමත්ය.මෙම මරණය සම්බන්ධව පැතිරී ඇති කට කතා හේතුවෙන් ගාල්ලේ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක් වන සවුත්ලන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිනිය හා නියෝහ්ය විදුහල්පතිනිය එකතුව එම මිය ගිය දැරියගේ ඥාති සිසුවියෙකු උදෑසන පාසලෙන් නෙරපා ඇත්තේ තවත් සති දෙකකින් පමණ පාසල් එන ලෙස පවසමින්.
මෙම සිදුව්මට මුහුණ පෑ පහ ශ්‍රේණියේ ඉගෙන ගන්නා සිසුවියගේ නැන්දනියගේ දියණිය මෙලෙස බැක්ටීරියා අසාදනයෙන් මියගොස් ඇති බව දැනගත් වෛද්‍යවරියක කියාගන්න කාන්තාවක් විසින් එම දැරිය පාසලට ඇතුළුවීමේදී වලක්වා ඇති අතර එම වෛද්‍යවරිය විසින් නියෝජ්‍ය විදුහල්පතිනිය කැඳවා ඒ පිලිබඳ ප්‍රශ්නකොට ඇත.
පසුව විදුහල්පතිනිය හා නියෝජ්‍ය විදුහල්පතිනිය එකතුවී මේ පිලිබඳ වැඩි දුර කරුණු විමසා නොබලා වෛද්‍යවරිගේ පැහැදිලිකිරීම් මත පදනම්ව පහ ශ්‍රේණියේ දැරියගේ මව කැඳවා දැරිය පාසලෙන් පිට කර ඇත්තේ සති දෙකක් හෝ පාසලෙන් දන්වනතුරු පාසලට නොඑන ලෙස දන්වමිනි.
මෙම සිදුවීමෙන් අනතුරුව දැරියගේ මව විසින් ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත තමාගේ දියණියට සිදුවූ අසාධාරණය පිලිබඳ පැමිණිල්ලක් ගොනුකොට ඇත.
මෙම රෝගී තත්වයෙන් සිදුවූ මරණය පිලිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සුජීව අමරසේන මහතාගේ අදහස
"මෙනින්ජකොකල් බැක්ටීරියාව ශ්වසන මාර්ගයේ නිද්රාසහගතව තිබිය හැකියි.එවැනි පුදගලයන් රෝග වාහකයන් ලෙස ක්‍රියාත්මක වනවා.ඔවුන්ගේ සේම හා කෙල මගින් රෝගය වෙනත් කෙනෙකුට බෝවීමට හැකියාව තිබෙනවා.
දරුවාගේ මරණය සමග ක්‍රියාත්මක වූ වසංගත රෝග විද්‍යා ඒකකය රෝගී දැරිය සමීපයේ සිටි ඥාතීන් රෝහල් සේවකයන් සහ ළදරු පාසලේ දරුවන් හට අදාළ ප්‍රතිජීවක ඖශධ ලබාදී රෝගය පැතිරීම පාලනයකොට තිබේ.
අධිකරණ වෛද්‍ය මැක්සි ප්‍රනාන්දු මහතා ප්‍රකාශකොට සිටින්නේ සිරුර මුද්‍රා තබන ලෙසත් ඉක්මනින් අවසන් කටයුතු කිරිමටත් කටයුතු කර ඇත්තේ එම දරුවාගේ පියා විසින් බවත් ඔවුන්ගේ උපදෙස් මත නොවන බවය.
