නිව්ඩේල් කිරි පැකට් එකේ තඩි පණුවෙක්

එඩ්නා චොකලට් පැකට් වල බ්ලේඩ් තල හා ගල් තිබූ බව අප විසින් පල කළ ලිපි වලින් පසුව ගොසිප්9 පාඨකයන් විසින් තවත් එවැනි දෑ වලට ලක්වූ තොරතුරු අප වෙත ලැබෙමින් පවතිනවා.

අප පාඨකයෙකු අප වෙත දන්වා සිටියේ ඔහුගේ මිතුරියකට මීට මාස 3කට පමණ පෙර ගම්පහ ප්‍රදේශයේ වෙළඳසැලකින් ලබාගත් නිව්ඩේල් (ෆොන්ටෙරා) චොක්ලට් ෆ්ලේවර් කිරි පැකට් එකක් පානය කරමින් සිටියදී අඟලක් පමණ දිග පණුවෙකු හමුවූ බවයි.

බීම බටයක් හරහා ඇය කිරි පැකට්ටුව පානය කරමින් සිටින විට තදින් යමක් මුව තුලට ඇදී යනු දැනී තිබෙන අතර එවිට දැක ඇත්තේ එහි සිටින්නේ පණුවෙකු බවය.

එම කිරි පැකට්ටුවෙ කාලය ඉකුත්වන දිනය ලෙස සඳහන් වී තිබී ඇත්තේ ජූලි 27 වනදාය. මෙම සිද්ධියට එම තරුණිය එයට මුහුණපා ඇත්තේ කල් ඉකුත්වීමට මසකට පෙර හෙවත් ජූනි 29 වනදාය.


පසුව ඇය එම පැකට්ටුව හා පණුවා වෙළඳසැලට බාරදී ඇති අතර වෙළඳසැල් හිමියා විසින් නැවත මුදල් ඇයට ලබාදී තිබෙනවා.

පසුව නිව්ඩේල් ආයතනයට පණුවා සමඟ එම කිරි පැකට්ටුව ලැබීමෙන් අනතුරුව ඔවුන් ඇයට කතා කර පවසා ඇත්තේ මේ පිළිබඳව පරීක්ෂණයක් කරන බවත්, ලංකාව පුරා නිකුත් කර ඇත් එම ඛාණ්ඩයේ කිරි පැකට් එකතු කරනා බවත්ය.

කෙසේ වුවද නිව්ඩේල් ආයතනය විසින් එම තැනැතියව සොයාගන ඇයට කතා කර ඇති අතර ඔවුන් පවසා ඇත්තේ නිව්ඩේල් කිරි නිෂ්පාදන ආයතනය නැරඹීමේ දුර්ලභ අවස්ථාවක් ලබාදිය හැකි බවයි.

පසුව ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙන්නේ ඒ සඳහා වේලාවක් නොමැති බව පවසමිනි

පනුවා සහිත කිරි පැකට්ටුවේ ජායාරූප කිහිපයක් පහතින්.





-සම්බන්ධිත පුවත්-
කුඩා ළමුන්ට නුසුදුසු ඇස්ට්‍රා මාගරින් තවමත් වෙළඳපොලේ
මාධ්‍යයට වසන් වූ බ්ලේඩ් චොක්ලට් නිෂ්පාදක සමාගම
මාධ්‍යයට වසන් වූ එඩ්නාගේ කෙරුවාව

Related Posts Plugin for WordPress, Blogger...