බණ්ඩාරවෙලට හා දියතලාවට වැටුණු අයිස් වැස්ස (පළමු කොටස)

දියතලාව, බණ්ඩාරවෙල හා කහගොල්ල ප‍්‍රදේශවලට ඊයේ දවල් අයිස් වැස්සක් ඇද හැලී තිබෙනවා

විශාල සුළඟක් සමග මෙම අයිස් වැස්සත් ඇද හැලී ඇති අතර අඟල් භාගයක් පමණ වූ අයිස් කැට එ අසමඟ වැටී තිබෙනවා.

මුළින්ම පැය භාගයක් පමණ අයිස් වැස්ස දියතලාවට වැටී ඇති අතර තිබෙන අතර අනතුරුව අයිස් වැටීම ආරම්භ වී තිබෙන්නේ බණ්ඩාරවෙල නගරයටයි.


පසුගිය කාලයේ එම ප්‍රදේශ වල පැවතියේ දැඩි වියලි කාලගුණයක්. මෙලෙස ඉතා වියලි කාලගුණයක් ඇති සවුදි අරාබිය, එක්සත් අරාබ් එමීර් රාජ්‍ය ආදී රටවලට වසරකට පමණ පසුව වැසි ඇදහැලීමේදී ඒ සමඟ අයිස් පතිතවීම සුලභව දැකිය හැකිය.

මෙම වසර තුළදී බදුල්ල දිස්ත්‍රික්කයට අයිස් වැටුණු තුන් වන අවස්ථාව මෙයයි

අද බණ්ඩාරවෙලට වැටුණු අයිස් වල ජායාරූප එකතුවක් පහතින්.









ජායාරූප: සමීර සුගත්

අයිස් වැස්සේ වීඩියෝව පහතින්.




-සම්බන්ධිත පුවත්-
බණ්ඩාරවෙලට හා දියතලාවට වැටුණු අයිස් වැස්ස (දෙවන කොටස)

Related Posts Plugin for WordPress, Blogger...