දමිතා දෙසැම්බර් මස යුග දිවියට

ජනප්‍රිය නිලියක් මෙන්ම ගායිකාවක් වන දමිතා අබේරත්න එළෙඹෙන දෙසැම්බර් මස යුග දිවියට එළඹීමට සුදානම් වන බව වාර්තා වනවා.

දමිතා අබේරත්න මෑතකදී වඩාත් කතාබහට ලක්වුයේ රුවන්වැල්ලේ සෝභිත සම්බන්ධයෙන් ගොඩනැගුනු කතිකාවට ඇගේ නමද ගෑවී තිබු හෙයින්.

එහෙයින් ඇය තමාගේ නිර්දෝෂී භාවය ප්‍රකාශකරමින් පුවත්පත්වලට ලිපි සපයන අතරේ ඒ පිලිබඳ පලකල වෙබ් අඩවි වලට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට උත්සාහ කලාය.

දමිතාගේ පෙම්වතා මුණගැසී ඇත්තේ ඩුබායිහිදී වන අතර ඔහු අවුරුදු 23 ක් තිස්සේ සිටින්නේ විදෙස්ගතවය.


ව්‍යාපාරිකයෙකු වන ඔහුගේත් දමිතාගේත් පෙම් සම්බන්ධතාවයට වසර නවයක් පිරි ඇති අතර දෙසැම්බර් මස යුග දිවියට එළඹීමෙන් පසු රංගනයට දායක වෙමින් යහපත් බිරිඳක් හා මවක් වීමට දමිතා පෙරුම්පුරන බව අප වෙත වාර්තා වේ.

Related Posts Plugin for WordPress, Blogger...