බුද්ධදාසගෙන් විමල්ට දෝස්මුරයක්
Tuesday, September 11, 2012
පසුගිය වසරේ ජූලි මාසයේ පැවති නගර සභා මැතිවරණයේදී ඔවුන් දෙදෙනා ඇනකොටාගත් අතර බුද්ධදාසට විරුද්ධව විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් සහයෝගය දැක්වූ අපේක්ෂකයන්ට වඩා බුද්ධදාස මහතා වැඩි ජන්ද ප්‍රමාණයක් කඩුවෙලින් ලබාගත්තා.
ඊයේ කඩුවෙල නව බස් නැවතුම්පල ඉදිකිරීමට මුල් ගල තැබීමේ උත්සවයට සහභාගීවූ කඩුවෙල නගරාධිපති බුද්ධදාස මහතා විසින් අමාත්‍ය විමල් වීරවංශ මහතාට දැඩි දෝශාරෝපන එල්ල කළේ ත්‍රීකුණාමලයේ ජන්ද ප්‍රතිපලය නිසයි.
ත්‍රීකුණාමලයේ ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය ජන්ද 44,696 ගෙන පලමු තැනට පැමිණි අතර දෙවන තැනට පත් එක්සත් ජනතා නිදහස් සංධානය ලබාගත්තේ ජන්ද 43,324ක්. එජනිස ට ත්‍රීකුණා මලයේ පලමු තැනට ඒමට නොහැකි වුනේ ජන්ද 1,373ක් මදිවීම නිසාය.
එයට හේතුවූයේ විමල් වීරවංශ ජාතික නිදහස් පෙරමුණෙන් අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමෙන් ජන්ද බෙදීයාම නිසා බවත්, ජාතික කොඩිය පපුවේ ගැහුවාට ඔහු ද්‍රෝහියෙකු බවත් බුද්ධදාස මහතා චෝදනා කළා.
ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයෙන් ජා.නි.පෙ විසින් ආසනයක් දිනාගැනීම පිළිබඳව විමල් වීරවංශ අමාත්‍යවරයා පවසා සිටියේ මෙලෙසින්
"ජාතික නිදහස් පෙරමුණ තනිව තරඟ කරලා කරන්න පුළුවන් දෙයක් නෑ කියලා මත පලකරපු උදවියට ඒක එහෙම නෙවෙයි කියලා හේත්තු ගන්වන්නට මේ මැතිවරණය ඉතා හොඳ අවස්ථාවක් බවට පත්වුණා.
නාමයෝජනා ලබා නොදීමෙන් පස්සේ අපිට ගන්න තිබුනේ විකල්ප දෙකයි. එකක් තමයි කිසිදු අපේක්ෂකයෙක් තරඟ බිමට යොදා නොගන්න එක. දෙවැන්න තමයි ජාතික නිදහස් පෙරමුණ නමින් අපි ඒ තරඟයට තරඟ වදින එක. "
එයට පිළිතුරු දින් බුද්ධදාස මහතා පැවසුවේ
"කඩුවෙලට බැල්ම හෙලන ඇමතිවරයෙක් උන්නා මේ ආණ්ඩුවේ. ඒ දේශප්‍රේමියා කියලා තියනවා අපි තනිවම තරඟ කරලා ආසනයක් දිනාගත්තා කියලා. මම විමල් වීරවංශ කියන දේශප්‍රේමියට අභියෝග කරනවා පුළුවන් නම් මේ ආණ්ඩුවෙන් ගිහිල්ලා ආසනයක් නෙවෙයි එයාගේ ආසනෙත් තියාගන්න කියලා.
මහ ලොකුවට කියනවා වීරයා කියලා. වීරයා පල් වුනේ මට. තමුසේ කොයි සෙල්ලම් කලත් බුද්ධදාසගෙන් තමයි තමුසේ මට්ටු වුනේ.
මිනිහා මොකක්ද දැන් කලේ, ත්‍රීකුණමාලයට ගිහිල්ලා දැම්මා අපේක්ෂකයෙක්. දාලා එක්සත් ජනතා නිදහස් සංධානේ දෙවෙනි ස්ථානයට ආවේ ඔය දේශප්‍රේමී දෙශද්‍රෝහියා නිසා"
එම වීඩියෝව පහතින්.
බුද්ධදාස හා විමල් එකට හමුවූ අවස්ථාවක්.

