ලංගම ට අලුතින් බස් 3,000ක් ගෙන්වීමට පෞද්ගලික බස් හිමියන්ගේ විරෝධය
Wednesday, September 19, 2012
ඔවුන් පවසන්නේ අලුතින් බස් රථ 3000 ක් ධාවනයේ යොදවන්නේ නම් ඊට විරුද්ධව දින 14 ක් තුළ දීපව්‍යාප්ත එක්‌දින සංකේත වැඩවර්ජනයක් කරන බවයි.
ලංගම සතුව මේ වනවිට බස් රථ 5,000ක් පමණ ඇති අතර ඒවායින් 3,500ක් පමණ වසර 15ක් පමණ පැරණි බවත්, චීනයේ තාක්ෂණය දියුණු බවත් පසුගියදා අමාත්‍ය වෙල්ගම මහතා පවසා තිබුණා.
දැනට ලංගම සතු බස් රථ සියල්ලම පාහේ ඉන්දියාවේ නිෂ්පාදිත බස් රථ වන අතර පළමු වතාවටයි චීනයෙන් මෙලෙස මිලදී ගැනීමට යන්නේ.
ලංගම විසින් බස් රථ සියල්ලම මිලදීගැනීමට සූදානම් වන්නේ ණයටය. ආදායම් ලැබීමෙන් පසු ගෙවීමේ පදනම මත ලබාගන්නා මෙම බස් රථ සඳහා මුදල් ණය ලබාදෙන්නේ චීන බැංකුවෙනි.
ඉන්දියාවේ නිෂ්පාදිත බස් රථයක් රුපියල් ලක්ෂ 30ක් පමණ වන අතර මෙම මිලදීගැනීමට යන බස් රථයක් ලක්ෂ 80ක් පමණ වන බවත් වාර්තා වෙනවා.
කෙසේ වුවද වැඩි බස් රථ ප්‍රමාණයක් සේවයේ යෙදවීම හොඳ දෙයක් වන්නේ පෞද්ගලික බස් රථ වල පොල්පටවන ආකාරයෙන් මඟීන් ගෙනයෑමට පිළිතුරක් ලැබෙන නිසාය.
ප්‍රවාහන අමාත්‍යවරයා අලුතින් බස් රථ ගෙන්වීම පිළිබඳව පැවසූ වීඩියෝව පහතින්.
