මාර්ක් බවුචර් ගේ ක්‍රිකට් දිවිය අවසන් කල ඇසේ ශල්‍යකර්මය

දකුණු අප්‍රිකානු සුපිරි ක්‍රීඩක සහ කඩුලු රකින්නකු වූ මාර්ක් බවුචර් පසුගියදා (09) පැවති ප්‍රාන්ත තරඟාවලියේදී අවාසනාවන්ත ලෙස අනතුරකට මුහුණපානු ලැබුවා. 

තරඟාවලි අතරතුරදී ඉම්රාන් තාහීර්ගේ ගේ පන්දුවක් විකට්ටුවේ වැදී විසිවූ බෙල්ස් එකක් ඔහු කඩුලු රකිමින් සිටියදී වම් ඇසේ වැදී, අක්ෂි ගෝලය ඉරී ගොස් දරුණු ලෙස තුවාල ලබා ඇත.එම අනතුරින් පසු ඔහු පැය තුනක ශල්‍යකර්මයකට මුහුණ දී ඇත. 

මෙම අවාසනාවන්ත සිද්ධියෙන් පසු බවුචර් පවසා ඇත්තේ තම ක්‍රිකට් දිවියෙන් සමු ගන්නා බවත් රෝහල්ගත කිරීමෙන් පසු දුක් වූ තමා වෙනුවෙන් සුවය ප්‍රර්ථනා කල ක්‍රිකට් ලෝලීන්ට තමාගේ හෘදයාංගම ස්තුතිය ප්‍රකාශ කොට ඇත.

එම අනතුරේ වීඩියෝව පහතින් බලන්න


Related Posts Plugin for WordPress, Blogger...