පලවනදා සිට අධිවේගී මාර්ගයේ බස් රථ සේවාවක්

ගාල්ල සිට කොට්ටාවට 380/=
මෑතකදී විවෘත වූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ලබන වසරේ පළමුවනදා සිට මගී බස් රථ සේවාවක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.සුඛෝපභෝගී බස් රථ මේ සඳහා යොදවා ඇති අතර නියමු ව්‍යාපෘතියක් ලෙසින් පළමුව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.


මෙහිදී බස් රථ වල කාල සටහන සකසා ඇත්තේ කොට්ටාව දුම්රිය පොලට පැමිණෙන දුම්රියයන්ට සමගාමීවය.ඒ අනුව කොට්ටාව  සිට ගාල්ල බලා යාමට එක් මගියෙකුට වැයවන මුදල ලෙස රුපියල් 380ක් දැනට යෝජනා වී ඇත.

මෙම බස්රථ සේවාව නැවතුම් රහිත බස්රථ සේවයක් ලෙස ක්‍රියාත්මක වන අතර අතරමැදි පිවිසුම් මාර්ග වල නැවත්වීමට අවශ්‍යනම් එය පළමුව යෝජනා කල යුතුය.පසුව එම යෝජනා සලකා බලා ඉදිරියේදී අතරමැදි නැවතුම් සහිතව ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

දකුණු පළාත් මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම අධිවේගී මාර්ගයේ ධාවනය කිරීම සඳහා සුකොහ්පභෝගී බස්රථ ගෙන්වා ඇති බවත් ඒ සඳහා අවසර ලැබී ඇති බවත් මෙයට පෙර ලිපියකදී අප විසින් හෙළි කරනු ලැබි.

Related Posts Plugin for WordPress, Blogger...