උපේක්ෂා ගොසිප් ගැන සිත් තැවුලෙන්
Thursday, December 22, 2011
පසුගිය කාලය තුලදී උපේක්ෂා හා මහේෂ්ගේ විවාහය දෙදරා ගිය පසු එයට හේතුව වුයේ දෙරණ රුපවාහිනියේ විකාශය වූ වැඩසටහනකට උපේක්ෂා සාරංග දිසාසේකර සමගින් වැලන්ටයින් දිනයේ නර්තනයක යෙදීම බවටද කතාවක් පැතිර තිබුණි.
ඒ පිළිබඳව අදහස් පලකල උපේක්ෂා කියා සිටියේ සාරංගගේ පෙම්වතිය තමා හදුනන බවත් සාරංග හා තමා අලලා එවන් කට කතාවක් ගොඩනැගීම පිලිබඳ තමා දුක් වන බවත් යනුවෙනි. සාරංග දිසාසේකරගේ පෙම්වතිය වන්නේ ගායිකාවක් හා ටෙලි නාට්‍ය නිලියක් වන උමාලි තිලකරත්නයි.
