රනිල්- කරු සටනින් රනිල් දිනයි

7:15 pm 
කළබල කළ මන්ත්‍රීන් දෙදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
නව නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය, දයාසිරි ජයසේකර විසින් කළබල කළ පිරිස අමතමින් ඉවත්වී යන්නැයි ඉල්ලා සිටිය අතර ඉන් පසු සියල්ලෝම ඉවත්වී ගියා.

ඉන්පසු රනිල් වික්‍රමසිංහ මහතා පස්වරු 6.15ට පමණ උඩුමහලේ සිට පහළට පැමිණ සිරිකොත මන්දිරයෙන් පිටත් වී ගියේ අලාභහානි කැර තිබූ වාහන, ගල්ගසා කඩා බිඳදමා තුබු බුදුමැදුර ද, කඩා බිඳ දැමූ පක්ෂ මූලස්ථානයේ නාම පුවරුව ආදිය පිරික්සීමෙන් පසුවයි

මේ අතර පක්ෂ මූලස්ථානය ඉදිරිපිට ඇති වූ තත්ත්වය හේතුවෙන් කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක අබේසිංහ සහ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී රෝස් ප‍්‍රනාන්දුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කර ඇති බව ද වාර්තා වෙනවා.
5:22 pm 
සිරිකොතට දැඩි හානි 
පක්ෂ මූලස්ථානයේ නාමපුවටද අලාභානි කර තිබෙන අතර ගේට්ටුව කඩා දමා පාක්ෂිකයින් සිරිකොතට ඇතුල්වී තිබෙනවා. ගල් මුල් වලින් පහර දීමෙන් පක්‍ෂ මූලස්ථානයේ සියළුම දොර ජනෙල් බිඳී ගොස් ඇති අතර සිරිකොත ඉදිරිපිට බුදුමැදුර ද කැඩී බිදී ගොස් තිබෙනවා.

පාක්ෂිකයන් විසින් පොලු මුගුරු රැගෙන පොලිසිය ඉදිරිපිටදීම පුද්ගලයින්ට පහරදී ඇති අතර පොලිසියේ 20ක් 30 ක් හැරුණුකොට කලබලය මැඩීමට පොලීසියේ අතිරේක බළඇණි කලබලය වී පැයකට පසුවද පැමිණි බවයි වාර්තා වෙන්නේ.

මේ පිළිබඳ දෙරණ වීඩියෝව පහතින්


මේ පිළිබඳ සිරස වීඩියෝව පහලින්




.

4:08 pm
සිරිකොතට ගල් ප්‍රහාර 
රහස් ජන්දයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමත් සමග සිරිකොත අසල උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා.රහස් ජන්ද ප්‍රතිඵලයෙන් කෝපයට පත් පාක්ෂිකයන් විසින් සිරිකොතට හා පොලිසියට මේ අවස්ථාව වන විට ගල් ප්‍රහාර එල්ලකරන බව වාර්තා වෙනවා.
04:06pm
රහස් ජන්දයේ ප්‍රතිඵල
නායක තනතුර සඳහා
රනිල් වික්‍රමසිංහ ලබාගත් ජන්ද 72
කරු ජයසුරිය ලබාගත් ජන්ද 24

නියෝජ්‍ය නායක තනතුර සඳහා
සජිත් ප්‍රේමදාස ලබාගත් ජන්ද - 52
රවී කරුණානායක ලබාගත් ජන්ද- 44

ජාතික සංවිධායක ධුරය සඳහා
දයා ගමගේලබාගත් ජන්ද -56
දයාසිරි ජයසේකර ලබාගත් ජන්ද - 40


03:50 pm
වැඩි ජන්ද 48ක් ලබා ගනිමින් රනිල් නැවතත් නායකයා

නායකයා -රනිල් වික්‍රමසිංහ
උපනායකයා - ජෝෂප් මයිකල් පෙරේරා
නියෝජ්‍ය නායකයා- සජිත් ප්‍රේමදාස
ජාතික සංවිධායක - දයා ගමගේ
සභාපති - ගාමිණී ජයවික්‍රම පෙරේරා

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා තරඟයකින් නායකයෙක් පත්කර ගැනීම වසර 17කට පසු මීට ස්වල්ප වේලාවකට පෙර පක්‍ෂයේ මූලස්ථානය වූ ‘සිරිකොතෙහි’දී සිදු වුනා. ඒ අනුව පක්ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා සමඟ පැවති ජන්දයේදී නැවත වරක් එම පක්ෂයේ නායකත්වය සඳහා වැඩි ජන්දයෙන් ජයග්‍රහණය කලේ හිටපු නායක රනිල් වික්‍රමසිංහ මහතාය.


මේ අතර නියෝජ්‍ය නායකත්වය වෙනුවෙන් රවි කරුණානායක සමඟ සජිත් ප්‍රේමදාස අතර පැවති ජන්දයෙන් වැඩි ජන්ද 8කින් සජිත් ප්‍රේමදාස ද

ජාතික සංවිධායක ධූරය සඳහා දයා ගමගේ සමඟ දයාසිරි ජයසේකර අතර පැවති ජන්දයෙන් දයා ගමගේ ද තේරී පත්වී තිබෙනවා

ඊයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සභාපති සහ උප නායක තනතුරු පත්කරගනු ලැබුවා. එහිදී සභාපති ලෙස ගාමිණී ජයවික්‍රම පෙරේරාත් උප නායක ලෙස ජෝෂප් මයිකල් පෙරේරාත් පත්වුන්ගේ ජන්දයකින් තොරව සම්මුතියෙන්.

කරුගේ නිවසේදී සුබ මොහොතින් සකස් කළ ලියවිල්ලකට අනුව ඊයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී කරුගේ කණ්ඩායම නාම යෝජනා ඉදිරිපත් කෙළේ මේ ආකාරයටය.
නායකයා -කරු ජයසූරිය
උපනායකයා -රංජිත් මද්දුම බණ්ඩාර,
නියෝජ්‍ය නායකයා - සජිත් ප්‍රේමදාස සහ
ජාතික සංවිධායක - දයාසිරි ජයසේකර.
සභාපති ලෙස ඔවුන්ද තෝරාගෙන තිබුනේ ගාමිනී ජයවික්‍රම පෙරේරා ය.

පසුව උප නායක ලෙස රනිල් කණ්ඩායමෙන් ජෝෂප් මයිකල් පෙරේරා නම් කළ විට කරු කණ්ඩායම ද ඊට එකඟතාවය පළ කොට සිය නාමයෝජනාව වූ රංජිත් මද්දුම බණ්ඩාරගේ නම ඉවත් කර ගත්තේ ය.

ඒ අනුව ජෝෂප් මයිකල් පෙරේරා මහතා සම්මුතියෙන් පත්විය.

ඉතිරි තනතුරු සඳහා රනිල් කණ්ඩායම ඉදිරිපත් කළ නම් මෙසේය.
නායකයා - රනිල් වික්‍රමසිංහ
නියෝජ්‍ය නායකයා - රවි කරුණානායක,
ජාතික සංවිධායක - දයා ගමගේ

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරය සඳහා ඡන්ද විමසීමකට නොගොස් නියෝජ්‍ය නායක ධුරය සජිත් පේ‍්‍රමදාස මහතා වෙත ලබා දී උප නායක ධූරය රවී කරුණානායක මහතා වෙත ලබා දෙන ලෙස ඊයේ පැවති කෘතයාධිකාරී මණ්ඩල රැස්වීමේදී නිතරඟයෙන් පත්වූ ජෝශප් මයිකල් පෙරේරා මහතා අද පෙරවැවේ පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමක් කර තිබුනා.

එහිදී තමා උප නායකධූරයෙන් ඉල්ලා අස් වීමට සූදානම් බව ඔහු ප‍්‍රකාශ කර තිබුනා. කෙසේ වුවද එජාප ජාතික සංවිධායක රවී කරුණානායක මහතා අද උදෑසන නියෝජ්‍ය නායක ධූරයට තරග කිරීමට අදාළ නාම යෝජනා පත‍්‍රය පක්ෂ ලේකම්වරයා වෙත භාර දුන් අතර නියෝජ්‍ය නායක තරගයෙන් ඉවත් වීමට කෙරෙන යෝජනා ඔහු ප‍්‍රතික්ෂේප කළා.

අද පැවති ජන්ද විමසීම සඳහා 96 දෙනෙකුට අවස්ථාව හිමිවූ අතර එහිදී පක්ෂ කෘත්‍යාධිකාරීමණ්ඩලයට සහ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයන් අයත් වුනා.

මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා ජන්ද විමසීමක් වාර්තාවන්නේ 1994 වර්ෂයේ දී. එම අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත් කරමින් ගාමිණී දිසානායක පක්ෂ නායකත්වයට තේරී පත්විය. පසුව ගාමිණි දිසානායක මහතා අභාවප්‍රාප්ත වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයට පත්වූ අතර 2001 මහ මැතිවරණය හැර රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දුන් සෑම මැතිවරණයක් ම පරාජයට ලක්විය.

1999 සහ 2005 යන වර්ෂ වල දී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වුවද එම දෙවතාවේ දීම ඔහු පරාජය ලැබීය.

කරූ ජයසූරිය මහතා 2006 වසරේ එක්සත්ජාතික පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් 17 දෙනෙකු සමඟ රජයට එක්වූ අතර පසුව රජයෙන් එතරම් සැලකිල්ලක් නොලැබිනු නිසා 2008 වසරේදී නැවත වරක් එක්සත් ජාතික පක්ෂයට එක්විය. එහිදී ඔහු පවසා සිටියේ එවකට පැවති උතුරු නැගෙනහිර යුද්ධයට එක්සත් ජාතික පක්ෂය සහය නොදුන් නිසා රජයට සහය දැක්වූ බවයි. ඉන්පසු රනිල් වික්‍රමසිංහ මහතා විසින් නැවත ඔහුට පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුර පිරිනමන ලදි.

මේ අනුව කරූ ජයසූරිය මහතාට තිබුන නියෝජ්‍ය නායක තනතුරද අහිමිවිය

Related Posts Plugin for WordPress, Blogger...