පේරාදෙණියේ හා රුහුණේ අමානුෂික නවක වදයට ලක්වූ සිසුන්ගේ කතාව

විශ්ව විද්‍යාල තුලින් නවක වදය අතුගා දැමීමට සෑම අවුරුද්දකම කථිකාවක් ගොඩ නැගුනත් ඒ හැම වසරකම නවක වදයට බිලිවූ සිසුන් ගැන වාර්තා වේ.නවකවදය තිබුනාට කමක් නැත.නමුත් අමානුෂික නවක වදය ශිෂ්ඨ සමාජයක කිසිවෙකු අනුමත කරන්නේ නම් නැත.

විශ්ව විද්‍යාල සංස්කෘතිය නවක සිසුන් හට හදුන්වා දීමට නවක වදය ඉවහල් වන අතර ඒ ඇතුලින් නවකයා හට ජෙෂ්ඨයා කෙරෙහි බිය මුසු ගෞරවයක් ඇතිකිරීමට උපකාරී වේ (නමුත් ඒ ඇතිවන්නේ හුදෙක් පැහැදීමකින් නොවන අතර ජේෂ්ඨ සිසුන් පරයා යාමට නොහැකි හේතුවෙන් බව ඔවුන් වටහා ගත යුතු වේ.) 

නවක සිසුවෙකු ලෙසින් විශ්ව විද්‍යාලයට ඇතුලත්වන සිසුවා පළමු වසරේ නවක වදයෙන් බැට කා ඉන් පසු දෙවන වසරවන විට පෙරමග බලන්නේ නවක සිසුපෙළ එන තෙක්ය.දෙවන වසරේ සිසුන්ට නවක සිසුන් සම්බන්ධයෙන් පුර්ණ බලතලයක් හිමිවන්නේ මෙම පරිසරය යටතේයි.

මෙවරද එවැනි අමානුෂික නවකවද සිද්ධීන් දෙකක් ප්‍රධාන වශයෙන් වාර්තා වුනා.ඉන් එක සිදුවීමක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් වාර්තා වූ අතර අනෙක් සිදුවීම වාර්තා වුයේ රුහුණු විශ්ව විද්‍යාලයෙනි.


මෙම සිදුවීම් දෙක සම්බන්ධයෙන් පුර්ණ සටහනක් තැබීමට අප කල්පනා කලේ නවක වදය තමාගේ තිරිසන් අවශ්‍යතා පිරිමසා ගැනීමට උත්සුක වූ ජේෂ්ඨ සරසවි සිසුන් අතලොස්සක්ද තවමත් විශ්වවිද්‍යාල පද්ධතිය තුල සිටින බව පෙන්වා දීමටයි.

යටිගල ලොකුගම්මාච්චාරිගේ රජිත් ලක්ෂිත ඉගෙනුම සිය ප්‍රාථමික අධ්‍යාපනය කහවත්ත ප්‍රාථමික විද්‍යාලයෙනුත් සිය උසස් අධ්‍යාපනය බෙලිගල්ල මහා විද්‍යාලයෙනුත් ලබා ගත්තේ ඉගෙනීමට තමා උපන් හපනෙකු බව සපථ කරමිනි.


ඒ අනුව ඔහු පේරාදෙණිය කළා පිඨයට ඇතුලත් වන්නේ පසුගිය ඔක්තෝබර් 16 වනදාය.විශ්ව විද්‍යාලයට ඇතුලත් වී ටික කලකින් ජෙෂ්ඨයන්ගේ නවක වදයට මුහුණපෑමට සිදුවන්නේ සුන්දර "පේරා" අපායක් කරවමිනි.

ඒ අනුව රාජිත විශ්වවිද්‍යාලයේ යාම ප්‍රතික්ෂේප කරමින් නැවත ගෙදර පැමිණියත් ඔහුව නැවත විශ්ව විද්‍යාලය වෙත පිටත් කරන්නේ ඔහුගේ සොහොයුරා විසිනි.රාජිතගේ සොහොයුරා සිවිල් ඉංජිනේරුවකු වන අතර සිය සොහොයුරා නැවත විශ්ව යැවුයේ වෙත යැවුයේ "මල්ලි ඒ කාලේ අපිටත් ඔහම තමා..ටික කාලෙකින් ඔයාගේ යාළුවො වෙයි" නමුත් සිය සොහොයුරා අමානුෂික නවකවදයට මුහුණ දී ඇති බවක් ඔහු දැන සිටියේ නැත.

රාජිතට ලබා දුන් නවකවදය උත්සන්න වීමට හේතුවුයේ දේශපාලන කරුණකි.ඒ රජිතගේ ගම බෙලිඅත්ත වීමයි.ඒ අනුව ජේෂ්ඨයන් ක්‍රියාත්මක වුයේ තිරිසනුන් ලෙසනි. "තෝ බෙලිඇත්තේ නේද?තොගේ තාත්තත් දේශපාලනේ කරනවලු නේද ගමේ..ඒකද යකෝ බය නැතුව ගිහින් නායකත්ව පුහුණුව ගත්තේ ..?  "


ඉන්පසුව ජේෂ්ඨයන් කිහිපදෙනෙකු විසින් රජිත මාක්ස් ප්‍රනාන්දු ශාලාවට ගෙනගොස් නිරුවත්කොට ඇත.ඉන් අනතුරුව රාජිතට අණ ලැබී ඇත්තේ බිම බඩ ගෑමටයි.නිරුවත්ව බඩගාමෙන් පසුව ඔහුගේ දෑත් බාල්කයක ගැටගසා පහර ගැසීමකට ලක්ව ඇත.

අවසානයේ රජිත කායික මෙන්ම මානසික රෝගියෙක් බවට පත්විය.සාම්ප්‍රදානුකුලව සැකකරුවන් 6 දෙනෙකු උසාවියට ඉදිරිපත් කෙරුණු අතර ඉන් අනතුරුව ඔවුන් නිදහස් විය.වෛද්‍යයවරුන් නිර්දේශ කලේ රජිත හට වෙනත් විශ්ව විද්‍යාලයක් හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් අධ්‍යාපනය ලබාදෙන ලෙසයි.

බලපිටියේ වැල්ලවත්තේ පදිංචි වත්සලා කුමුදුනි ද සිල්වා බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයෙන් සිය ප්‍රාථමික අධ්‍යාපනයත් ද්විතික අධ්‍යාපනය අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයෙනුත් සම්පුර්නකොට සරසවි වරම් ලැබුයේ සිය පවුලේ අනික් සහෝදරයන්ට ජයගත නොහැකිවූ කඩ ඉමක් ජයගනිමිනි.


වත්සලාට කරදර වලට මුඋන පෑමට සිදු වුයේ සරසවියට ඇතුළත්වීමට පෙර  සිටම කරදර වලට මුහුණ පෑමට සිදු විය.එස්. බි දිසානායක මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වූ නායකත්ව පුහුණුව ට සහභාගී වීමෙනි. 

ඒ එහිදී සිදුකල බාල්කයක එල්ලී සිදුකල ශාරීරක ව්‍යායාම කටයුත්තකදී ඇද වැටි අගේ තුනටිය ආබාධයකට ලක්වීමයි.වෛද්‍ය ප්‍රතිකාර වලින් තුනටියේ බිඳුණු අස්ථි සුවකරගත් වත්සලා රුහුණු විශ්ව විද්‍යාලයට ඇතුලත් වුයේ පසුගිය ඔක්තිබර් මස 28 වන දාය.

තමාගේ තුනටියේ තිබු අසනීපය පිලිබඳ කල්තියා ජේෂ්ඨයන් දැනුවත් කල වත්සලා නවක සිසුන්ට දෙන ඇතැම් කාර්යන් වලින් නිදහස ලැබීමට සමත්විය.කායික හිංසා ඇයට සිදු නොවූ අතර ඒ වෙනුවට ඇයට සිදුවුයේ කුණුහරුප 10 ක් කටපාඩම් කොට ජේෂ්ඨයන්ට ඒවා පාඩම් දීමටයි.

නමුත් පසුගියදා දෙවන මහලේ කැන්ටිමට ගියපසු නවක සිසුන් පෝලිම් ගැසීමේදී වත්සලා ඉන් ඉවත්ව සිටියත් ජේෂ්ඨ ශිෂ්‍යාවක් ඇය වෙත කඩා පැන්නේ "තමුසේ මොකද පැත්තකට වෙලා? තමුසේ කොහෙන්ද? වත්සලා තමා බලපිටියෙන් බව පවසා ඇත.. "ආ බලපිටියේද ......? තමුසේ හැමදාම අයිස් ගහනවා" කියමින් නවක සිසුන්ගේ පෝලිමට එක්කොට ඇත.

ඒ අනුව නවකයන්ගේ පෝලිමේ ඉස්සරහටත් පසුපසටත් තෙරපීමට ඇයට සිදු විය.පීඩනය දරාගැනීමට නොහැකිවූ ඇය බිම ඇද වැටුණු අතර නැවත සිහිය පැමිණියේ රෝහලේදීය.

තුනටියේ අමාරුව තිබු ඇය මාතර රෝහලට ඇතුළත්කොට තිබුනේ පෙරකී ජේෂ්ඨ ශිෂ්‍යාව විසිනි.ඇය වත්සලා දෙකට තුනට නමාගෙන ත්‍රි රෝද රථයක ඔබාගෙන රෝහල් ගතකොට තිබුනේ පඩිපෙලකින් වැටුනයායි බොරුවක්ද පවසමිනි.මේ වනවිට ඇයගේ පන්ති තහනමට ලක්ව ඇත.

අනාගත සිහින දකිමින් සරවියට පියමැණු  නවක සිසුන් දෙදෙනෙක් අද වන විට රෝගීන් බවට පත්ව ඇත.අමානුෂික නවක වදය දක්නට ලැබෙන්නේ ලංකාවෙත් ඉන්දියාවේත් පමණි.එයද නීතියෙන් තහනම්ය.මන්ද එය මානව හිමිකම් උල්ලංඝනය කරන බැවිනි.

ලබන වසරේ නවක වදය සම්බන්ධයෙන් මෙවන් ලිපියක් ලිවීමට ඉඩ නොලැබේවායි  අප ප්‍රාර්ථනා කරමු. 

Related Posts Plugin for WordPress, Blogger...