පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සියලූම ශිෂ්‍ය සංගම් තහනම්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඇතුලූ සියලූම පීඨවල ශිෂ්‍ය සංගම් තහනම් කල බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ශිෂ්‍ය සංගම් කාර්යාල සහ ඒවායේ භාණ්ඩ යළි විශ්වවිද්‍යාල පරිපාලනය වෙත භාරගන්නා බවත් අනතුරුව අදාළ කාර්යාලවලට මුද්‍රා තබන බවත් එම නිවේදනයේ සඳහන්.


උපකුලපතිවරයා විසින් අදාළ ශිෂ්‍ය සංගම් වෙත යැවූ ලිපියේ මෙලෙස හහනම් කිරීමට හේතු ලෙස දක්වා තිබෙන්නේ ඒ ශිෂ්‍ය සංගම් විසින් විශ්වවිද්‍යාලයේ කිර්ති නාමයට හානිකර අයුරින් කි‍්‍රයා කිරිම සහ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප‍්‍රජාව අනාරක්ෂිත තත්ත්වයට පත් කිරිම යන කරුණුයි.

වත්මන් රජය යටතේ එස්.බී දිසානායක ඇමතිවරයා විසින් පෞද්ගලික විශ්වවිද්‍යාල පනත සම්මත කිරීමට උත්සාහා ගන්නා අතර ඊට එරෙහි වන අනෙකුත් ශිෂ්‍ය සංගම් දැඩි මර්ධනයකට ලක්කිරීම මේ දිනවල සිදුකෙරෙමින් පවතිනවා.

එම පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට එරෙහිව පේරාදෙනිය මහා ශිෂ්‍ය සංගමය විසින් 21, 22, 23 සහ 24 දින වල මහනුවර සිට කොළඹ දක්වා සාමකාමී පාගමනක් සංවිධානය කර තිබූ නිසා ඊට පෙර දින (20) රාත්‍රියේ විශ්වවිද්‍යාලය අවට විවිධ ස්ථානයන්හි සෙබලුන් සහිත හමුදා ට්‍රක් රථද නතර කර තිබුණා.

ඊයේ උදෑසන පේරාදෙණිය පොලිසිය විසින් එම පාගමනට එරෙහිව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත අදාළ පෙළපාලිය අත්හිටුවන ලෙස ඉල්ලීමක් කළ අතර එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පාගමනට එරෙහිව වාරණ නියෝගක් නිකුත් කරනු ලැබුවා.

එම නියෝගය නොතකා සිසුන් පාගමන ආරම්භ කළ අතර ගලහ මංසන්ධියේ දී යුද හමුදාව සහ පොලිසිය මාර්ග බාධක යොදා එම පාගමන වැළැක්වීමත් සමඟ සිසුන් ගලහ මංසන්ධියේ දී සිසුන් උද්ඝෝෂණයක නිරතවී විසිර ගියා. සරසවි සිසුන් තුන් දහසක්‌ පමණ උද්ඝෝෂණයට සහභාගි වී සිටි අතර පොලිසිය හා යුද හමුදාව පන්සියයක්‌ පමණ රැකවල්ලා සිටියා.

ඒ අතර කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ දෙමාපියන් ලෙස මර්වින් සිල්වාගේ මැර කණ්ඩායම් උද්ඝෝෂනයේ යෙදෙන අයුරින්ම එස්බී දිසානායක මහතාට හිතවත් විශ්ව විද්‍යාල සිසුන්ගේ මව්පියන් යැයි හඳුන්වාගත් කණ්ඩායමක් ගලහ මංසන්ධිය ආසන්නයේ සිසුන්ට එරෙහිව විරෝධතාවක නිරත වුනා.

මෙම සාමකාමී පාගමන නිසා කොළබ මහනුවර මාර්ගයේ රථවාහන තදබදයක් ඇතිවන නිසා එම පාගමන නවත්වන ලෙසයි පේරාදෙණිය පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයෙන් ඉල්ලිමක් කර තිබෙන්නේ.

පසුගියදා තාරුණ්‍යට හෙටක් සංවිධානය විසින් සංවිධානය කර තිබූ කලම්බෝ නයිට් රේස් නිසා කොලඹ මාර්ග ගනනාවක් දින කීපයක් පුරා වසාතැබීමෙන්ද රථවාහන තදබදයක් ඇතිවූ අතර එවැන්නකට එරෙහිව සඳහා කිසිදු පොලිස් ස්ථානාධිපතිවරයෙකු අධිකරණය වෙත ගොස් තිබුනේ නෑ.

පහත දැක්වෙන්නේ හමුදාව, පොලීසිය හා අධිකරණය එක්ව එම සාමකාමී පාගමනට එරෙහිව නිකුත් කළ වාරණ නියෝගයයි.

Related Posts Plugin for WordPress, Blogger...