රොෂේන් ගේ අවසන් කටයුතු දා ජයලත් ගැටෙයි

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ ඇති පොලිසිය හා සේවකයන් අතර ඇතිවූ වූ ගැටුම හේතුවෙන් මියගිය රොෂේන් චානකගේ අවසන් කටයුතු මිනුවන්ගොඩ ගල්ලොලූව රෝමානු කතෝලික සුසාන භූමියේදී පසුගිය සෙනසුරාද දින සිදු කෙරිණි. 


මියගිය රොෂේන් චානකගේ අවමංගල්‍ය කටයුතු පුද්ගලික මරණයක් සේ සලකා සිදුකිරීමට පවුලේ ඥාතීන් ඉදිරිපත් කල දිව්රුම් පෙත්සමකට අනුව අදාල අවමගුල් කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබඳ මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් කේ.කේ.ඒ.වී. ස්වර්ණාධිපති මහත්මිය පසුගියදා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබිනු අතර එය නොසලකා පක්ෂ විපක්ෂ දේශපාලඥයින් එයට සහභාගී වී තිබුණි.

පටු දේශපාලන අරමුණු උදෙසා එදින පැමිණ සිටි විපක්ෂයේ මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධනට එහි සිටි පිරිසගෙන් දැඩි විරෝධයක් මතුවිය. 


එහිදී " යනවා අයිසේ යන්න..මම අවේ දේශපාලනේ කරන්න නෙවෙයි...ආගම අදහන්න..බලන්න මේකනේ ලංකාවට වෙලා තියෙන්නේ..කෝ අපේ මානවහිමිකම්.." 
යනුවෙන් ප්‍රකාශකොට තිබුණි. 

Related Posts Plugin for WordPress, Blogger...