එක් රැයින් උඩු යටිකුරු වූ ආසනික් කතාව
Wednesday, June 15, 2011දේශප්‍රේමීන් එක රැයින් දේශ ද්‍රෝහීන් වීම
පසුගියදා ලංකාවේ මහත් ආන්දෝලනයකට තුඩු දුඩු දුන් රජරට සහල් වල ආසනික් තිබෙන බව සොයාගත් ලංකාවේ දේශප්‍රේමී චරිතයක් නිරූපනය කරන නිරූපනය කල නලීන් ද සිල්වා ප්‍රමුඛ කණ්ඩායම එක රැයින් දේශද්‍රෝහීන්, බහුජාතික සමාගම් වල කුමන්ත්‍රණකාරයක් වන අපූරු පුවතක් අද දිනමිණ පුවත්පත පලකර තිබෙනවා.
"ශ්‍රී ලාංකිකයාගේ ප්‍රධාන දේශීය ආහාරය වූ බත් කෑමට ගැනීම එපා කරවීම සඳහා විවිධ උපායමාර්ග ක්‍රියාත්මක වේ. ඒ මගින් සහල් නිෂ්පාදනය දුර්වල කොට බහුජාතික සමාගම්වල ආහාර ද්‍රව්‍ය මෙරට ප්‍රචලිත කිරීම ඉහත උපායමාර්ගවල ඉලක්කය වී තිබේ.
මෙබඳු උපක්‍රම ගණනාවක් පිළිබඳ තොරතුරු හෙළිවෙමින් පවතින අතර බහුජාතික සමාගම් හා එම සමාගම්වල දේශීය නියෝජිතයන් බත් කෑම එපා කරවීමේ කුමන්ත්‍රණයක යෙදී ඇති බවද දැනගන්නට ලැබේ. මෙරට සහල්වල ආසනික් රසායනිකය ඇතැ’යි යන ප්‍රචාරය ද ඉහත කුමන්ත්‍රණයේ එක් අදියරක් බව දැනගන්නට ලැබේ.
සහල්වල ආසනික් රසායනය ඇති බවට ගෙන ගිය අසත්‍ය ප්‍රචාරය මෙම කුමන්ත්‍රණයේ මූලික උපක්‍රමය වී ඇති බවද අනාවරණය වෙයි. සහල් පරිභෝජනය ප්‍රචලිත වීම කඩාකප්පල් කිරීම සඳහා ඇතැම් කණ්ඩායම් උත්සාහයක නිරත වන බවක් හෙළිවී තිබේ."

එම පුවතට හේතුවූ ආසනික් හා වකුගඩු රෝගය අතර කතාව පිළිබඳ සටහනක් මේ.
වකුගඩු රෝගයට හේතු
1969 සිට 2010 වසර දක්වා හමු වී ඇති වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව 20,000ක් වන අතර මියගිය සංඛ්‍යාව 3000කි. උතුරු මැද පළාතේ සෑම සතියක ම රෝගීන් 20ක් පමණ අලුතින් ලියාපදිංචි වන බව ආයුර්වේද පර්යේෂණායතනය පවසනවා.
ඔවුන් විසින් පර්යේෂණය සඳහා රෝගීන් 700ක් සම්බන්ධ කරගෙන ඇති අතර ඉන් 68.3%ක් පිරිමි වන අතර 31.7%ක් ගැහැණු වන අතර වැඩි වශයෙන් ආසාදනයට ලක්වන්නේ වයස අවුරුදු 45-69 අතර පුද්ගලයින් බව හඳුනා ගෙන ඇති බවත් වාර්තා වෙනවා.
අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ වකුගඩු රෝගීන් සම්බන්ධයෙන් මීට පෙර කරන ලද සොයා බැලීමක දී හෙළි වී ඇත්තේ රෝගීන් ගෙන් 87%ක් පානීය ජල ප්‍රභවය ලෙස භාවිත කරන්නේ ළිඳ හෝ නළ ළිඳ හෝ බවයි.
විවිධ පර්යේෂණ කණ්‌ඩායම් රෝගය හට ගැනීමට හේතුව ලෙස විවිධ අදහස් පළ කළ ද ඒ එකකට හෝ රෝගයේ භූගෝලීය ව්‍යාප්තිය සහ රෝග ලක්‍ෂණ සංගත ලෙස පැහැදිලි කිරීමේ හැකියාවක් වුනේ නෑ.
1 වන හේතුව - ෆ්ලෝරයිඩ අයන සාන්ද්‍රණය, හා බාල තත්ත්වයේ ඇලුමිනියම්
රෝගය බහුල ලෙස පැතිර ඇති ප්‍රදේශවල ජලයේ ඇති ඉහළ ෆ්ලෝරයිඩ අයන සාන්ද්‍රණය, බාල තත්ත්වයේ ඇලුමිනියම් සමග ප්‍රතික්‍රියා කර තැනෙන විෂ සංයෝග වකුගඩු නරක් කරන බවට අදහසක් මුලින්ම ඉදිරිපත් වුනා.
එහෙත් ඉහළ ෆ්ලෝරයිඩ සාන්ද්‍රණයක් ඇතිල බාල තත්ත්වයේ ඇලුමිනියම් භාවිත කරන රටේ බොහෝ ප්‍රදේශවල රෝගී තත්ත්වය නොමැති වීමත්, සමාන තත්ත්ව ඇති ලෝකයේ අනෙක් රටවල රෝගය දක්‌නට නො ලැබීමත් නිසා එම අදහස ප්‍රතික්‌ෂේප වුනා.
2 වන හේතුව - රසායනික පොහොරවල ඇති කැඩ්මියම්
රසායනික පොහොරවල ඇති කැඩ්මියම් රෝගයට හේතු කාරකය විය හැකි බවට තවත් අදහසක් ඉදිරිපත් වුනා. රසායනික පොහොර භාවිත කරන ප්‍රදේශවල එක හා සමානව රෝගය පැතිරී නැති වීම සහ දිගුකාලීන කැඩ්මියම් විෂ වීමක දී දක්‌නට ලැබෙන රෝග ලක්‍ෂණ රෝගීන් තුළ නොමැති වීම නිසා කැඩ්මියම් අදහස ද ප්‍රතික්‌ෂේප වුනා.
මේ අතර ඒ සඳහා තවත් මතයක් ඉදිරිපත් වුනා
3 වන හේතුව - නීල හරිත ඇල්ගී
උතුරුමැද හා ඌව පළාත්වල බහුලව පවතින වකුගඩු රෝගය පැතිර යෑමට නීල හරිත ඇල්ගී විශේෂය හේතු වී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සිදුකළ පර්යේෂණයකින් අනාවරණය කරගෙන වූ බවත් මේ නීලහරිත ඇල්ගී ශාකය මඟින් නිකුත් කෙරෙන විස ද්‍රව්‍යයක් නිසා පුද්ගලයන්ගේ වකුගඩුවලට හානි පැමිණෙන බව සොයාගෙන ඇති බව පසුගිය දෙසැම්බර් මාසයේ පුවත්පත් සාකච්ජාවකින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිණි විශේෂඥ වෛද්‍ය ධම්මිකා මැණිකේ දිසානායක මහත්මිය පැවසුවා
මේ ප්‍රදේශවල වැව් හා ඇළ මාර්ග ආශ්‍රිතව මේ ශාකය ව්‍යාප්තව පවතින අතර, ජල මාර්ගවලින් ලබාගන්නා ජලය උණුකර පානයට ගැනීම සිදුකළත් අධික තාපයට ද මේ විස විනාශ කළ නොහැකි බව පර්යේෂණ ඇසුරෙන් සොයාගෙන තිබෙන බව ප්‍රකාශ කළා
වකුගඩු රෝගය පැතිරයාම වැළැක්වීම සඳහා විෂ සංඝටක සහි වැව් හා වාරි කර්මාන්තයේ දී ප්‍රයෝජනයට ගන්නා ජලය පානය කිරීමෙන් වැළකීම, වැව් ආශ්‍රිත නෙළුම් අල, කොහිල ආහාරයට ගැනීමේ දී හැකිතාක් පිරිසිදු ජලයෙන් පවිත්‍ර කොට භාවිතයට ගැනීම, මාලුන්ගේ හම ඉවත් කර ආහාරයට එක්කර ගැනීම වැදගත් බවද ඔවුන් ජනතාවට දැන්වූවා.
4 වන හේතුව - කෘෂි රසායන වල ආසනික්
මේ අතර උතුරුමැද හා අවට ප්‍රදේශවල පැතිර යමින් සිය දහස් ගණනක් මිනිස් ජීවිත බිලිගත් රජරට වකුගඩු රෝගයට සැබෑ හේතුව ආසනික් විෂවීම බව කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සහාය ඇතිව කරන ලද පරීක්‍ෂණවලින් පැහැදිලි වූ බව රජරට වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය වෛද්‍ය චන්න සුදත් ජයසුමන මහතා පුවත් පත් සාකච්ජාවකින් දැන්වූ බව ජනවාරි 17 වෙනිදා පුවත්පත් මඟින් වාර්තා වුනා.
නලීන් ද සිල්වා ප්‍රමුඛ මෙම කැලණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ පර්යේෂණ කණ්‌ඩායම විසින් අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ වැව් හා ළිං ආශ්‍රිතව කරන ලද පරීක්‍ෂණවල දී ජලයෙහි ආසනික් සාන්ද්‍රතාව සම්මතයෙන් තිබිය හැකි යෑයි කියන සාන්ද්‍රතාවට වඩා ඉතා අධික බව පැහැදිලිවූ බවත් රජරට මහ විලච්චිය, පදවිය හා ශ්‍රී පුර ප්‍රදේශ වල සහල් සාම්පල පරීක්ෂාවට ලක්වූ අතර ඒවායේ පිළිවෙලින් මහවිලච්චිය ප්‍රදේශයේ සහල් කිලෝවක මයික්‍රෝ ගෑම් 258ක්ද,පදවිය ප්‍රදේශයේ කිලෝවක මයික්‍රෝ ගෑම් 326ක්ද, ශ්‍රී පුර ප්‍රදේශයේ සහල් කිලෝවක මයික්‍රෝ ගෑම් 550ක්ද වශයෙන් ආසනික් අන්තර්ගතවූ බව සොයාගැනුනි.
ආසනික් යනු
ආසනික් ඩයොක්සයිඩ් නම් සංයෝගය වතුරේ දියවූ පසු අවර්නය.කිසිදු ගද සුවදක් නැති අතර ජලයට සමානය.CIA වැනි ඔත්තු සේවා සිය සතුරන් මැරීම සඳහා මෙම සංයෝගය යොදාගත් අවස්ථා ඇත.
තීන්ත නිෂ්පාදනයේදී පාට මතුකර ගැනීමටත්,විදුරු නිෂ්පාදනයටත් පදම් ලෑලි සකස් කිරීමටත් ඉතා ආරක්ෂාකාරී ලෙස යොදා ගන්නා මුලද්‍රව්‍යයකි.මෙය අපේ ජන වහරේ හැදින්වන්නේ "පාසානම්"යන නමිනි.
මෙය සියලුත් සත්වයන්ට අහිතකර වන අතර මිනිස් හා සත්ව ස්නායු පද්ධතීන් වලට සෘජුවම බලපානු ලබයි.
නාථ දෙවියන්ගේ ආසනික්
මේ අතර නලීන් ද සිල්වා විසින් පසුගිය 15 වෙනිදා දිවයින පුවත් පතට ලියූ ලිපියකින් දක්වා සිටියේ
"ජලයේ ආසනික් ඇති බව අවසානයේදී පඬියන්ට අනාවරණය කෙරුණේ නාථ දෙවියන් ප්‍රමුඛ දේව කණ්‌ඩායමේ මගපෙන්වීම යටතේ කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයනාංශයේ ඇති පරමාණුක අවශෝෂණ ප්‍රේක්‍ෂාවලිමාපකය යොදා ගැනීමෙනි.
ඉන්පසු තවත් පරීක්‍ෂණාගාරයකදී ද ඒ බව හෙළි වී ඇති නමුත් තවමත් අපේ කණ්‌ඩායමට විරුද්ධව වුවත් තැන තැන කියන්නේ තමන් වැනි මහාචාර්යවරුන්ට හා මහාචාර්යවරියන්ට (උපකරණ මගින්) නොපෙනෙන ආසනික් ආදෘශ්‍යමාන දෙවියන්ට පෙනෙන්නේ කෙසේද යන්නය. ඔවුන් අසන්නේ අප වැන්නන්ට පෙනෙන මහාචාර්යවරුන්ට නොපෙනෙන දේ, අප වැන්නන්ට නොපෙනෙන දෙවියන්ට පෙනෙන්නේ කෙසේ ද යන්නය.
එය සරලව මෙසේය. අපට මහාචාර්යවරියන් පෙනේ. මහාචාර්යවරියන්ට ආසනික් නොපෙනේ. අපට දෙවියන් නොපෙනේ. දෙවියන්ට ආසනික් පෙනේ. එහි එක්‌තරා ආකාරයක සමමිතියක් ඇති බැවින් මම එයට ඇලුම් කරමි. එහෙත් මතු බුදුවන නාථ දෙවියන් අපට කියන්නේ කිසිවක නොඇලෙන ලෙසත් සියල්ල උපේක්‍ෂාවෙන් අත්හරින ලෙසත්ය.
නාථ දෙවියන් කෙසේ කීවත් උගත් මහාචාර්යවරියන් සම්බන්ධ සමමිතික කියුම් මම කෙසේ අත්හරිම්ද ?" යනුවෙනි.
ඒ අනුව ඔවුන් මෙම පරීක්ෂණය කර ඇත්තේ නාථ දෙවියන් ප්‍රමුඛ දේව කණ්‌ඩායමේ මගපෙන්වීම යටතේය.
ආසනික් රේගුවේ හිරවීම
තම තමන් සොයාගන්නා ලද පරීක්ෂණ වල ප්‍රතිපල ඔවුනොවුන් පුවත්පත් සාකච්ජා පවත්වා දැනුම්දෙනු හැරෙන්නට වෙනත් දෙයක් සිදු නොවුනි. තත්ත්වය එසේ පැවතියද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඒ පිළිබඳ උනන්දුවක් දැක්වීමක් කිසිවෙකුටත් නොපෙනුනි.
ශ්‍රී ලංකා රේගුව විසින් ලංකාවට කෘමිනාශක සහ වල්නාශක ගෙන්වා බෙදාහරිනු ලබන හේලීස්, ඇග්‍රෝ, සීයීසී සහ හැරසන් මහාරාජා කෙමිකල් යන සමාගම් සතර විසින් ගෙන්වනු ලැබූ කෘමිනාශක සහා වල්නාශක බහලූම් 7ක් හදිසියේ ම වටලා අත්අඩංගුවට ගනු ලැබීමත් සමඟ නැවතත් ආසනික් කතාව කරලියට ඇදුනි.
සියලු දෙනාගේ අවධානය වකුගඩු රෝගය හා ආසනික් කෙරෙහි යොමුවුනේ ඉන්පසුවයි .
90% ඩිස්කවුන්ට්
ඒ අතර වෙළඳපොළේ ඇති කෘෂි රසායන ද්‍රව්‍යයන්ගේ ආසනික් ඇති බවට පුවත්පත්වල පලවීමත් සමඟ රු. 500-600 ට පමණ අළෙවිවූ කෘෂි රසායන රු 50/- දක්වා රජරට ප්‍රදේශයේ මිලකට අළෙවි වූ බවත් වාර්තා වුනා
සහල් වල ආසනික් නෑ
තත්ත්වය මෙසේ පවතිද්දී මෙරට නිෂ්පාදනය කරනු ලබන කිසිදු සහල් වර්ගයක ආසනික් නමැති රසායනික ද්‍රව්‍යය අඩංගු නොමැති බවට පරීක්ෂණවලින් හෙළිව තිබේ තිබෙන බවත් ලංකා කාර්මික තාක්ෂණ ආයතනය මඟින් සහල් නියැදි හැටක් සහ පලිබෝධ නාශක විසි අටක් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව නිකුත් කර ඇති වාර්තාවෙන් මේ බව තහවුරු වී ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසුවේ කිසිවෙක් බලාපොරොත්තු නොවූ පරිද්දෙන්.
මේ පරීක්ෂණය සිදුකිරීම සඳහා ඉහළ තාක්ෂණයන් යටතේ නවීන විද්‍යාගාර පහසුකම් යොදා ගනිමින් විශේෂඥයන් පිරිසක් සහභාගී වූ බවත් අද්භූත බලවේග ගැන නොව විශ්වාස කළ යුත්තේ නවීන තාක්ෂණයන් යටතේ විද්‍යාගාරවල පරීක්ෂණයන්ගෙන් ලැබුණු නිගමන බවද කිව්වේ නලීන් ද සිල්වා මහතා මතක් කරගනිමින් වගේ
නමුත් කෘෂි රසායන දෙකක සුළු වශයෙන් ආසනික් අඩංගු බව එහිදී පැවසුවා ‘කුරේටර්’ සහ ‘රවුන්ඩප්’ වල ආසනික්
සුලු වශයෙන් ආසනික් තිබෙන්නේ කුරේටර් සහ රවුන්ඩප් යන කෘමිනාශක සහ වල්නාශක වල බව පළිබෝධනාශක රෙජිස්ට‍්‍රාර්වරයා විසින් ආනයන අපනයන පාලකවරයා වෙත යවනු ලැබූ ලිපියක් මඟින් අවධාරණය කරමින් පවසා සිටියේ මේ අතරේ
නිෂ්කාෂණය තහනම් කොට වරායේ බහාළුම් ගණනාවක රඳවාගෙන ඇති පළිබෝධනාශක වල ආසනික් පමණක් නොව රසදියද අඩංගු බව ශ‍්‍රී ලංකා රේගුව පැවසුවාකෘෂි රසායන සමාගම් වල නිවේදනය

රජය විසින් එසේ පැවසීමෙන් අනතුරුව කෘෂි රසායන සමාගම් එකතුව තමන්ගේ කෘෂි රසායනවල ආසනික් ඇති බවට පතුරවන පුවත් අසත්‍ය බවත් ඒවාට විරුද්ධව නීති මඟින් කටයුතු කරන බවත් පුවත්පත් නිවේදනයක් මඟින් දන්වා සිටියා
මේ අතර සහල්වල ආසනික් අඩංගු බවට ගෙන යන ප්‍රචාර බත් කන පිරිස අඩුකිරීමට කරන කුමන්ත්‍රණයක් බව ගොවිජන සේවා අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පැවසුවේ අනුරාධපුරයේදී මාධ්‍ය හමුවකට එක්වෙමිනි
පර්යේෂණ වලට 2011 වර්ෂයේ පමණක් රුපියල් මිලියන 19ක්
මේ අතර වකුගඩු රෝගය පිළිබඳ පරීක්‍ෂණ කටයුතු කිරීම සඳහා විශ්ව විද්‍යාල පර්යේෂණ කණ්ඩායම් සහ වෘත්තීය පර්යේෂණ කණ්ඩායම් ව්‍යාපෘති වාර්තා ඉදිරිපත් කර වරින් වර තාක්‍සණ හා පර්යේෂණ අමාත්‍යාංශය මඟින් 2011 වර්ෂයේ පමණක් රුපියල් මිලියන 19ක් ලබාගෙන ඇති බවත් සමහර පර්යේෂකයන් විසින් වකුගඩු රෝගයට හේතුව ආසනික් ආසාදිතය බව තහවුරු වී තිබියදීත් ඒවායේ ප‍්‍රථිඵල බහුජාතික සමාගම් වල මුදලට යටවී ප‍්‍රසිද්ධ නොකර සඟවා තබාගෙන ඇති බවද වාර්තා වුනා.
ඩෙංගු, මී උණ වලටත් හේතුවත් ආසනික්
තත්ත්වය මෙසේ පවතිද්දී තවත් අදහසක් කරලියට මතුවුනා. එයින් කියවුනේ ඩෙංගු රෝගය හා මී උණ සඳහා ද ආසනික් බලපාන බවයි.
කෘමිනාශක වල ආසනික් මඟින් ඩෙංගු වෛරසයේ ප්‍රබලත්වය (සැර) වර්ධනය වී ඇතැයි රජරට විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පැවසුවා
මීට අමතර ව ආසනික්, මී උණ බෝකරන ලෙප්ටෝෆයිරෝසිස් බැක්ටීරියාවේ ප්‍රබලත්වර (සැර) ද වැඩිවී තිබෙන බවට ඔවුන් විශ්වාස කරනව බවත් දිනෙන් දිනම ඩෙංගු , මී උණ වැඩිවීමට හේතුව ආසනික් බවත් ඔවුන් පැවසුවා.
මේ පිළිබඳව අලුත්ම තත්වය දැනගැනීමට ගැනීමට අප රජරට වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය වෛද්‍ය චන්න සුදත් ජයසුමන මහතාට කතා කළා.
ඔබ ඇතුළු මහාචාර්ය නලින් සිල්වා කණ්ඩායම විසින් සහල් වල ආසනික් ඇති සොයාගැනීමට මුලදී ජනාධිපතිතුමා ඇතුළු රජයෙන් එයට සහයෝගය ලැබුනද අද දිනය වන විට තත්වය වෙනස් වී තිබෙනවා..අද ඔබතුමන්ලා ඇතුළු පිරිස දේශද්‍රෝහීන් වෙලා තිබෙනවා.
අද දිනමිණ පුවත්පත පලකරලා තියෙනවා මේක කරලා තියෙන්නේ බහුජාතික සමාගමක් සහ ඔවුන්ගේ නියෝජිතයන් බත් කෑම එපා කරවීමට කියා සහ ඊයේ දින වන විට ජනාධිපතිතුමා කාර්මික තාක්ෂණ ආයතන විසින් සිදුකල පරීක්ෂණයට සිය සහයෝගය ලබා දී තිබෙනවා.
මෙම තත්වය යටතේ ඔබතුමන්ලාගේ පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙනියන්නේ කෙසේද?
නැ මෙහෙමයි..ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ සහල්වල කෘමිනාශක තිබීම සම්බන්ධයෙන් නෙවෙයි.කෘෂිරසායන වල ආසනික් තිබීම සම්බන්ධයෙන්.මෙතන ප්‍රධාන කාරණය කෘමිනාශ සහ වල නාශක වල ආසනික් තිබීම.
නැ මෙහෙමයි..ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ සහල්වල කෘමිනාශක තිබීම සම්බන්ධයෙන් නෙවෙයි.කෘෂිරසායන වල ආසනික් තිබීම සම්බන්ධයෙන්.මෙතන ප්‍රධාන කාරණය කෘමිනාශ සහ වල නාශක වල ආසනික් තිබීම.
ඉතින් ඒ ප්‍රශ්නේ යට ගහල ඉවරවෙලා මේ හාල්වල ප්‍රශ්නයක් මතුකරලා අරන් තියනවා.ඉතින් කෘෂිරසායන වල ආසනික් තිබෙනවානම් ඒවා නැවත්තුවම කන්න දෙකක් යනකොට සහල් වල තියෙන ආසනික් නැතිවෙයි.ඒ මොකද ආසනික් එකතුවෙන්නේ කෘෂි රසායන වලින් නිසා.එක නිසා මේ ප්‍රශ්නේ වැරදි කොනෙන් අල්ලාගෙන තියෙන්නේ අනිත් එක කාර්මික තාක්ෂණික ආයතනයෙන් ලබාදීපු වාර්තාව අපි කිසිසේත් පිලිගන් නෑ.

කෘමිනාශක සහ වල්නාශක සම්බන්ධයෙන් තමයි අපි ප්‍රධානම අනාවරණය සිදු කරේ.රජරට ප්‍රදේශයේ තියෙන වකුගඩු රෝගය සම්බන්ධව තමයි පරීක්ෂණ පටන්ගත්තේ..එකට හේතුව අවසාන වශයෙන් ආසනික් සම්බන්ධ සංයෝගයක් කියලා හොයාගන්න ලැබුනා.
අන්තිමට ආසනික් රහරට ප්‍රදේශයටත් රටේ අනික් ප්‍රදේශවලටත් එකතු වෙන්නේ කෘමිනාශක වලින් කියල හොයාගත්තා..එකයි කාරණය.
පස්සේ තමයි මේ සහල් වල කාරණයක් අරගෙන මේක යටගහන්න හදන්නේ මේක ඇත්තටම බහුජාතික සමාගම් කීපයක් එකතුවෙලා කෘෂිකර්ම අමාත්‍යංශයේ ඉහල නිලධාරීන් කිහිප දෙනෙක් සමග කරන පැහැදිලි කුමන්ත්‍රණයක්.
කුරේටර් සහ රවුන්ඩප් යන කෘමිනාශක වර්ග දෙකේ පමණද ආසනික් අඩංගු වී ඇත්තේ?
කුරේටර් සහ රවුන්ඩප් යන කෘමිනාශක වර්ග දෙකේ පමණද ආසනික් අඩංගු වී ඇත්තේ?
තහනම් කරන ලද්දේ කුමන කෘමිනාශ වර්ග කියා අප දන්නේ නෑ ඇත්තටම.මාධ්‍යයට ඔවුන් හෙළි කලේ නැහැ.නමුත් අපි බලපු කෘමිනාශක සැහෙන්න ප්‍රමාණයක් ආසනික් අඩංගු වෙලා තිබුනා.වල්නාශක කෘමිනාශක දෙකේම.
ඒවා රටට හෙළි කල යුතුයි නේද?
ඔව් ඇත්තටම.අපි ලබන සතියේ මාධ්‍යය සාකච්චාවක් තියලා සම්පුර්ණ විස්තරය එලිකිරිමට සුදානමින් ඉන්නවා.
කෘමිනාශක සහ වල්නාශක සමාගම් ඒකාබද්ධ නිවේදනයක් සිදුකොට තිබෙනවා මෙයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බවට?
ඔව් අපිත් කැමතියි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවට.මොකද එතකොට අපිට බලාගන්න පුළුවන් අධිකරණය ඉදිරිපිටම කවුද වැරදිකාරයො සහ නිවරදිකාරයෝ කියලා.
රජයේ සහයෝගය මොන පැත්තටද?
රජය වෙන්න ඕන ස්වාධීනව කටයුතු කරලා වරදිකාරයෝන්ට දඬුවම් කරන එකයි.කාගෙවත් පැත්තක් අරන් හරියන නැ රජය.
එම හඬ පටය
