අරලිය ගහ මැදුරේ සිටි සර්පයා හෙළි වේ
Sunday, December 19, 2010
භූතයා අරලිය ගහ මන්දිරයේදී ද ආරූඩ විය. ඔහු කිව්වේ ජනාධිපතිතුම්ජ දීර්ඝ කාලයක් බලයේ සිටින බවයි.එතුමා ගන්න තීරණ නිවැරදි බවත් නිරන්තරයෙන් ජන ප්‍රසාදය රදවා ගන්න බවත් මේ තැනැත්තා කිවේය. ඔහු තව දුරටත් කිව්වේ අරලිය ගහ මැදුරේ සර්පයෙක් සිටින බවත් ඔහුගෙන් ප්‍රවේසම් විය යුතු බවයි.
"කවදහරි ඔබතුමා අමාරුවේ වැටෙන්නේ මෙයාගෙන්.ඒ සර්පයා දෂ්ට කරන්න පෙර පරෙස්සම් වෙන්න".භූතයා වැසුණු තැනැත්තා එසේ කියා සර්පයාගේ නමද කිවේය.
සර්පයාගේ නම කුමක්දැයි කියා මාධ්‍යවලට හෙළි නොවිණි.නමුත් අපට ලැබෙන වාර්තා වලට අනුව ආණ්ඩුවේ මැති-ඇමතිවරුන් විශ්වාස කරන්නේ මෙම සර්පයා සජින් වාස් බවයි.ඒ ජනාධිපතිතුමාගේ රහස්‍ය මුල්‍ය සමන්ධිකාරක වශයෙන් සිට කරන නොයෙකුත් වැඩ කටයුතු නිසාය.පසුගිය කාලයේදී විදේශ කටයුතු අමත්‍යන්ශයටත් ඉහලින් සිට ජනාධිපතිතුමාගේ ඔක්ස්ෆර්ඩ් ගමන සංවිධානය කලේද සජින්ය.
