නිල්නෙතුගේ විවාහය?


ස්වාධින රුපවහින්ය ඔස්සේ විකාශනය වූ සුලග ටෙලි නාට්‍යයේත් ස්වර්නවාහිනියෙහි විකාශනය වන නිල්නෙතු ටෙලි නාට්‍යයේත් ඉමහත් ජනප්‍රියතත්වයට පත් අශා එදිරිසිංහ ගේ විවාහය බොහෝ පිරිසකට තවමත් රහසක්.අශා-චරිත් විවාහය සිදුවුයේ පසු ගිය වසරේ දෙසැම්බර් 4 වනදායි. නමුත් පුවත්පත් වලට ඇය තවමත් මේ පිලිබදව හෙළි කරන්නේ නෑ.පහත දැක්වෙන්නේ අශා මෙම සතියේ නවලිය පුවත්පතට ලබා දුන් සාකච්චාවකි.

පදිංචිය සැරින් සැරේ මාරු කරන්නේ ඇයි?

මගේ වැඩ කටයුතු වලට පහසුවක් නිසා.

කාටවත් බයේද?

නැහැ.මම කාටවත් බය නැහැ. ඇරත් මම කාටවත් වරදක් කරලා නැහැ.

ආදරේ ගැන මොකද හිතන්නේ?

සුන්දරයි. විදින්න ඕන දෙයක්

ඔබ ආදරේ විඳිනවද?

ඔව් අම්මගෙන් තාත්තාගෙන්.

වෙන?

ඒක පස්සේ කියන්නම්

ඒ කියන්නේ ඔබ ආදරේ විඳිනවා?

මම ආදරේ විඳිනවා

තරුණ නිලියන් විවාහය ප්‍රමාද කරනවා?

නැහැ මන් හිතන්නේ තමන් හොයන ආදරේ ලැබුනම කිසිම තරුණියක් තමන්ගේ විවාහය ප්‍රමාද කරන්නේ නැහැ.

ඔබට?

මටත් ඒක පොදුයි.

Related Posts Plugin for WordPress, Blogger...