මෙගා ස්ටාර් අවසන් තරගය ගැන තරගකරුවන් කියන කතා -2

මෙගා ස්ටාර් අවසන් තරගය පිලිබද තරගකරුවන් සති අන්ත පුවත්පත් වලට දැක්වූ අදහස්


එක තරගකරුවෙක් දුකට ප්‍රචාරය කරගෙන යන බේගලයක්- අජිත්

බොහෝ දෙනෙක් කියන්නේ අනෙක් තරගකරුවන්ට වඩා ඔබ ඔබටම එස්එම්එස් යවාගන්න සැලසුම් සහගත වැඩපිළිවෙළක් අරගෙන ගියා කියලා.

මට කියන්න තියෙන්නේ මේක අමූලික බොරුවක් කියන එකයි. මුල ඉඳන්ම කිව්වා එක දුරකතනයකින් එක එස්එම්එස් එකයි එවන්න පුළුවන් කියලා. මට ආරංචියි මේ අවසන් තරගයේදී තුන්ලක්ෂ අසූදහස් ගාණක් මට එස්එම්එස් තිබුණා කියලා. ඒ අතරිනුත් අඩුම තරමේ මට පුළුවන්ද ජංගම දුරකතන වලට සිම් කාඩ්පත් පනස්දාහක්වත් ගන්න. මේක මේ එක තරගකරුවෙක් දුකට ප්‍රචාරය කරගෙන යන බේගලයක්.

බොහෝ දෙනකුගේ මතය වුණේ දයාසිරිට මේ ජයග්‍රහණය හිමියි කියන එක. විනිශ්චය මණ්ඩලය පවා එය ප්‍රකාශ කළා. නමුත් එස්එම්එස් නිසා ඔබට මෙගා ස්ටාර් හිමිවුණා. මේ එස්එම්එස් ක්‍රමය ගැන මොකක්ද ඔබේ අදහස.

මෙහෙමයි කිසියම් බලපෑමක් කරලා හෝ බලවේගයක් යොමු කරලා හෝ කිසිම කෙනකුට උඩට එන්න බැහැ. අවසන් තරගය ක්‍රියාත්මක වුණේ මහජනතාවගේ මතය එක්ක. ඔවුන් ආදරය කරන නිසයි එස්එම්එස් ගලාගෙන ආවේ. අපිට විනිශ්චය මණ්ඩලයක් හිටියා කියලා ඔවුන් යම් ඇගයීමක් විතරයි කරන්නේ. නමුත් ජන ප්‍රසාදය තියෙන්නේ රටේ ජනතාව ළඟ. මෙවැනි රියැලිටි තරග අනන්තවත් අනෙකුත් මාධ්‍ය තුළ අපි දැක්කා. මම හිතනවා එස්එම්එස් ක්‍රමය තමයි රියැලිටි ෂෝ සඳහා සුදුසු කියලා.

අවසන් මොහොත අතිශය උණුසුම්කාරි තත්ත්වයක් උද්ගත වෙන බව අපිට දකින්නට ලැබුණා. මේ නොසන්සුන් තාව යම් පිරිසකගේ කුමන්ත්‍රණයක් ද? නැත්නම් ඇත්තටම මොකක්ද එදා සිදුවුණේ.

මෙහෙමයි මෙතෙන්ට එදා ආවේ කෑම පැකට් දීලා සිහිය ටිකක් අඩුවෙන්න ඇඟ රත් කරගෙන බස්වලින් ආව පිරිස්. ඒ අය තමන්ගේ පාක්ෂිකයින් වෙනුවෙන් ආවේ. නමුත් තමන් බලාපොරොත්තු වුණ කෙනා පරාජය වුණාම අසිහියෙන් හිටපු ඔවුන්ට මෙය ඉවසන්න බැරිවුණා. ඒ නිසයි බඩු මුට්ටු පොළවේ ගහන්න ගත්තේ. මේක දේශපාලනික තරගයක් වුණා අන්තිමට. නමුත් ජනමතය මොකක්ද කියන දේ ඉස්මතු වුණා.

ඔතන හිටපු පිරිස පක්ෂපාතියි.ඔවුන් බහුතරයක් ගෙන්නුවේ බස් වලින්.මට වුනත් මිනිස්සු දල බස් 5 ක් විතර ගෙන්නන්න තිබුනා.එත් මම එහෙම කලේ නැ.එහම කල නම් සිදු වූ දේ සම්පුර්ණයෙන් අනිත් පැත්ත ගැහෙන්න තිබුන.

නමුත් එක් මොහොතකදී විනිශ්චය මණ්ඩලයත් ඔවුන්ගේ සෘජු තීරණ දුන්නේ දයාසිරි ජයසේකරටනේ.

ඕක එදා විතරක් වුණ දෙයක් නෙවෙයි. ඔය විනිශ්චය මණ්ඩලයේ සමහර අය මුල ඉඳන්ම කිව්වෙත් පළවැනියත්, දෙවැනියත්, තුන්වැනියත් දයාසිරි කියලනේ. එහෙම විනිශ්චය මණ්ඩලයක් අපට හිටියේ. නමුත් ඔවුන්ගේ ආකල්පය වැරැදියි කියන එක මහජනතාව ප්‍රකාශ කළා. මහජනතාව නිවැරැදි මේකයි කියලා තෝරාගත්තා.

මාව මානසිකව වැටුණා - උපේක්ෂා

උපේක්ෂා මෙගා ස්ටාර් අවසාන මහා තරගයෙන් ඔබට හිමි වුනේ හතරවන ස්ථානයයි.ඒ ගැන සෑහීමකට පත් වෙනවාද? 

අනිවාර්යෙන්ම සෑහීමකට පත් වෙනවා.විශේෂයෙන්ම කියන්න ඕන ගායන අංශයෙන් දයාසිරි ජයසේකර හා සුරේෂ් ගමගේ වැඩි දක්ෂතාවක් දැක්වුවා. ඒ නිසා මෙගා ස්ටාර් තරගයෙන් මට හිමි වුණ තැන ගැන කනගාටුවක් නැහැ. ඒ වගේම ඒකටත් හේතුවක් තියෙනවා.

ඒ මොකක්ද?
පසු ගිය කාලේ මං ගැන ලොකු රාවයක් පැතිරුණා.මම ආණ්ඩුවට ගියේ මෙගාස්ටාර් තරගයෙන් ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් කියලා.ඒ කතාව බොරුවක් කියලා පෙන්වන්න පුලුවන් වුණ එක ගැන මට ලොකු සතුටක් තියෙනවා.
  
නමුත් ඔබේ හිත බිද වැටෙන සිදුවීමක් ඒ මොහොතේ සිදු වුණා නේද?
ඔව්.ඒ ගැන නම් කියන්නම ඕන.මම ගායනා කළ ගීතයට විනිශ්චය මණ්ඩලයේ තිරණය දෙන මොහොතේ පේක්ෂකාගාරයේ හිටිය සුලු පිරිසක් දයාසිරි දිනන්නේ "උපේක්ෂා ගෙදර යන්න" කියලා කෑ ගැසුවා.

ඒ දයාසිරි ජයසේකර මහත්මයාගේ කරූණෑගල ගමෙන් ආ කට්ටියක් කියලා මට දැන ගන්න ලැබුණා. මගේ දේශපාලන තිරණයක් නිසා ඒ අය මාව ප්‍රතික්ෂේප කළා.නමුත් ඒ මෙහොතේ මම නිහඩවම අංග චලන වලින් ඒ අයට ස්තුතිය පුද කළා. ඊට පස්සේ තමයි ඒ අය නිහඩ වුණේ. ඇත්තටම ඒ සිදුවිමෙන් මගේ හිත රිදුණා.ඒ වෙලාවේ මාව මානසිකව වැටුණා.

මෙගාස්ටාර්  අවසන් මහා තරගයෙන් ජයග්‍රහනය උපේක්ෂාට හිමි වෙයි කියලා බලාපොරොත්තුව බොහෝ දෙනෙක් තුළ තිබුණා.ඔබ ඒ ගැන දැනගෙන හිටියද?
ඇත්තටම ගොඩක් දෙනෙක් හිතුවේ මට හෝ දයාසිරි මහතාට මේ ජයග්‍රහණය ලැබෙයි කියලා.අන්තර්ජාලයෙන් පවා මම දැක්කා මෙගා ස්ටාර් ජයග්‍රහණය උපේක්ෂාට ද දයාසිරිටද කියලා දාල තියෙනවා.ඒ වගේම පේක්ෂක ප්‍රතිචාර ගොඩක් මට ලැබුණා.මට මුණගැහෙන මට කතා කරන බොහෝ දෙනෙක් මම තමයි ජයග්‍රහණය කරන්න කියලා කිව්වා.

යම් යම් අවස්ථාවලදී විනිශ්චය මණ්ඩලයේ තිරණ නිසා උපේක්ෂා අපහසුතාවට පත් වුණා නේද? 
ව්.ගොඩක් වේලාවට මර්වින් සිල්වා ඇමතිතුමා දෙන තිරණවලදී මම අපහසුතාවට පත් වුණා.තරගයට සම්බන්ධ වුණ මුල් කාලයේදී ඇමතිතුමා මට දුන්න වැරදී තිරණයක් නිසා බහින් බස් වීමක් පවා වුණා.ඒත් ඒ එතුමා කතා කරන විදිය තියලා මම තේරුම් ගත්තා. ඒ නිසා එතුමා දෙන ඕනෑම තිරණයක් මට හිනාවකින් නිහඩවම බාරගන්නවා.

මම ගොඩක්ම අපහසුතාවට පත් වුණේ අවසන් මහා තරගයේදී. ඒ වේලාවේ රෝසි සේනානායක මහත්මිය සමත්ත කාන්තාවන් වෙනුවෙන්ම කතා කළ නිසා මගේ හිතට සහනයක්  දැනුණා.

තවත් පුවත්පත් ලිපි

සම්බන්ධිත පුවත්

Related Posts Plugin for WordPress, Blogger...