ඉරානය තුල බුද්ධ ප්‍රතිමා තහනම් වේ
Tuesday, February 19, 2013එයට හේතු වශයෙන් ඔවුන් දක්වා ඇත්තේ එරට තුළ බුද්ධ ප්‍රතිමා හරහා අන්‍ය ආගමක් ප්‍රචාරණය විය හැකි බවය. මෙයට පෙර ඉරානය තුල සිම්සන් කාටුන් චරිතවල හා බාබි බෝනික්කන් අලෙවියතහනම් විය.
ඉරානය තුල මෙතෙක් කල් තහනමට ලක්වුයේ බටහිර අයිතම පමණක් වූ අතර බුදුරුව තහනම් කිරීම මගින් ඔවුන් ප්‍රථමවතාවට බටහිර විරෝධය ඉක්මවා පෙරදිග භාණ්ඩ සඳහාද සම්බාධක පැනවීම ගැටලුවට කරුණකි.
මෙම තහනම් කිරීම පිලිබඳ එරට බලධාරීන් පවසන්නේ අන්‍යාගමිකයන්ට සිය ආගම ඇදහීමට ඉරානය තුල ඉඩ ඇති බවත් දැනට ඉරානයේ බොහෝ විට බුදු පිලිම භාවිතා වන්නේ නිවාස අලංකාරණයට හා මෝටර් රථවල තැබීමට නිසාවෙන් මෙම තහනමෙන් අන්‍යාගමිකයන්ට ගැටළුවක් නොවන බවය.
තවද ඔවුන් මේ ඔස්සේ දක්වන අනෙක් මතය වන්නේ බුද්ධ ප්‍රතිමා ඔස්සේ ඉරානයේ සංස්කෘතිය ආක්‍රමණයට ලක්විය හැකි බවය.
ඒ අනුව සියලුම බුද්ධ ප්‍රතිමා රාජසන්තක කොට ඇති අතර දිගටම මෙම තහනම හා බුදු පිළිම ඉවත්කිරීම සිදුකරගෙන යෑම සිදුවනු ඇත.
ඉරානයේ ව්‍යවස්ථාවට අනුව ඉස්ලාම් ආගම ප්‍රධාන වන අතර අනෙකුත් සියලුම ආගම් ඉස්ලාම් නොවන කාණ්ඩයට අයත් වේ.ඉරාන ව්‍යවස්ථාවෙන් ඒ හා සමානව ක්‍රිස්තියානි, යුදෙවු විශ්වාසයන් සොරෝස්ට්‍රෙනිස්ම් ද පිළිගනු ලැබේ.
නමුත් ඉරාන නීතියට අනුව මුස්ලිම් නොවන පිරිස් වල අයිතීන් පිළිගත යුතුව තිබේ.
මෙයට පෙර තහනම් වූ කාටූන් චරිත |