අචලාගේ පෙම්වතා කියන කතාව
Thursday, February 7, 2013ලංකාව පුරා පසුගිය කාලයේ මෙය ආනොද්ලනාත්මක පුවතක් බවට පත්වූවා. මෙම හද කම්පා කරවන පුවත දැනගත් බොහෝ දෙනා අචලාට උදව් කිරීමට ඉදිරිපත්ව තිබුනා.
බොහෝ දෙනා අගය කලේ මෙම සිදුවීමට අචලා දැඩි ආත්ම ශක්තියකින් මුහුණදුන් ආකාරයයි.
තමාට හුරුපුරුදු වමත අහිමිවීමත් සමග හඬා නොවැටී එයට අචලා එයට මුහුණදුන් ආකාරය විශ්වාසකළ නොහැකි තරම්ය. එයට එක හේතුවක් ලෙස අචලාව විපතේදී තනි නොකළ මිතුරු මිතුරියන් සඳහන් කල හැක.
මේ අතර වෙනස වැඩසටහන මගින් සිදු කල සාකච්චාවක් අතරතුර අචලා තමාගේ පෙම්වතා මෙම සිදුවීමට ප්රතිචාර දැක්වූ ආකාරය දක්වා තිබුනේ මෙලෙසින්
නිවේදක : අචලාට ආදරය කරන හරි , අචලා කාට හරි ආදරය කරන කෙනෙක් ඉන්නවද?
අචලා : ඔව් ගොඩක් ඉන්නවා
නිවේදක : මම අහපු ප්රශ්නය ඔයාට පැහැදිලියි කියල හිතෙනවා. නමුත් ඔයා දුන්න උත්තරේ මට පැහැදිලි නැහැ.
අචලා :ඔය අහන්නේ මගේ පෙම්වතා ගැනද ?
නිවේදක : ඔව්
අචලා : (සිනාසෙමින්)...එහෙමනම් ඉතින් කියන්න තියෙන්නේ මම ආදරය කරන මට ආදරය කරන කෙනක් ඉන්නවා.
නිවේදක :මේ සිද්ධිය සම්බන්ධයෙන් එයාගේ අදහස මොකද්ද ?
අචලා : එයාගේ අදහස...මගේ අත වෙන් කරනවා කියල මම එයාට ඉස්සෙල්ලම කියපු වතාවේ එයා කිව්වේ "ඉතින් ඔයාට නැත්තේ එක අතයි නේ. මට අත් දෙකම තියෙනවනේ" කියල . මම ඇත්තටම ආඩම්බර වෙනවා මම එයාට අවරුදු දහයක් තිස්සේ ආදරය කරපු එක ගැන.
අචලාගේ සම්පුර්ණ කතාව ඇතුලත් වීඩියෝව බලන්න පහතින්