රුදුරු දෛවයේ සරදමට ලක්වූ යුවතියන් එකට හමුවූ මොහොතක්
Wednesday, January 30, 2013ජාතික රෝහලේ සේවය කරන වෛද්‍ය සමිතා සමන්මලී ඒ රෝහලේම ප්‍රතිකාර ලබන අචලාගේ සුවදුක් විමසීමට පැමිණි අවස්ථාව |
මේ දිනවල ආන්දෝලනයට තුඩු දී ඇති මෙම සිදුවීම පිලිබඳ වවිධ පුද්ගලයන් වවිධ මත පල කලත් අචලාට සිය ජිවිතයේ වටිනාම යමක් දැනටමත් අහිමිවී අවසානය. ඉන් එහාට නිදහසට හේතු කරුණු කාරනා, කණගාටුව දක්වන ප්‍රකාශ ඉදිරිපත් කිරීම ඵල රහිතය.
අචලාගේ මෙම සිදුවීම අපට මතක් කර දෙන්නේ මෙවැනිම අවාසනාවන්ත ඉරණමකට ලක්වූ වෛද්‍ය සමිතා සමන්මලී මෙනෙවිය මුහුණ දුන් අවාසනාවන්ත සිදුවීමය.
වෛද්‍ය සිසුවියකව සිටියදීම නොසැලකිලිමත් මිනිසුන්ගේ වරදක් නිසා ඇය ආබාධිත වූවාය. දෙපා ඇතත් ඇයට අද ඇවිදින්නට බැරිය. ඒත් සිහින බොඳ කර නොගත් ඇය අද වෛද්‍යවරියක වූයේ ඇගේම සෝඋත්සාහයෙනි.
තවත් මාස හතරකින් අවසාන විභාගයට වාඩිවීමට බලාපොරොත්තුවෙන් සිටි අචලාට ඇගේ අත අහිමි වී ගියේ දෛවයේ නපුරු සරදමකට විය හැකිය.නමුත් ඇය හෙට දිනයේ දෛවයට අභියෝග කරමින් නීතිඥවරියක වීමේ සිහිනය සැබෑ කරගනු ඇත.
එයට ඔබගේ සහය අචලා වෙනුවෙන් තැනුන ෆේස්බුක් පිටුව ඔස්සේ ලබාදිය හැක
අචලා වෙනුවෙන් තැනුන ෆේස්බුක් පිටුව
ජායාරුප : නිශාන් එස්. ප්‍රියන්ත