දඹුල්ල නගරාධිපති ගේ අගය කළ යුතු වැඩක්
Wednesday, January 9, 2013
නගරයේ ඇති බොහෝ ආපන ශාලාවල මුලුත්නැන්ගෙය අපිරිසිදුව පවතින අතර ලාභය විනා පිරිසිදුකමක් ගැන ඔවුන් නොසිතයි.ඇතැම් හෝටල් හිමියන් විසින් සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අල්ලස් ගෙවීමෙන් ඒවා සීල් තැබීම වලක්වාගනී.
කෙසේවුවද දඹුල්ලේ නගරාධිපතිවරයා විසින් පසුගියදා දඹුල්ලේ හෝටල් පරීක්ෂාවක නියැලූ තිබුණා. එම අවස්ථාවේ අපිරිසිදු හෝටල් කිහිපයකටම සීල් තැබීමට ඔහු නියම කළ වීඩියෝවක් පහතින්.
පසුගිය කාලයේ දිගින් දිගටම වාර්තා වුනේ කුණුවූ අල, කරවල, පළතුරු ආදිය විණීමට තබා තිබූ පුවත්ය. බොහෝ වෙළඳසැල් එම කුණුවූ අල හා ලූණු සෝදා තම හෝටල් වල ආහාර පිසීමට යොදාගනී
මේ අතර කුණුවී දියර ගලනා අර්තාපල් කන්ටේනරයක් පසුගියදා දඹුල්ල ප්‍රදේශයෙන් අල්ලාගනු ලැබුවා. එම අවස්ථාවේ වීඩියෝවක් පහතින්.
එවැනි පණුවන් පවා සිටිනා කුණු අල සෝදා පිරිසිදු කරනා අවස්ථවේදීද පිරිසක් අත් අඩංගුවට ගෙන තිබුණා. එම අවස්ථාවේ වීඩියෝවක් පහතින්.
කොළඹ වෙළඳසැල් කිහිපයක විණීමට තබා තිබූ නරක්වූ පළතුරු හා අල තොගයක් පසුගියදා අල්ලාගත්තේ මෙලෙසින්.
එලෙස අල්ලාගන්නා ලද පලතුරු හා අල, ලූණු ආදිය විනාශ කිරීමට ඉවත දමා තිබියදී ඇතැම් පුද්ගලයන් ඒවා පාවිච්චියට රැගෙන ගියේ මෙලෙසින්.
