විදුලි සංදේශ කොමිෂන් සභාවේ වෙබ් අඩවිය ගැන පරස්පර කතා
Thursday, January 3, 2013විදුලි සංදේශ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට ඊයේ බ්‍රසීලයේ කණ්ඩායමක් විසින් හැක් කර ඇති බව ඊයේ අප ඔබ වෙත ගෙන ආවා.
එම කණ්ඩායම විසින් එහි පණිවියයක් ද ලියා ගොස් තිබූ අතර එහි තිර පිටපතක්ද එම ලිපියෙහි අඩංගු වුණා.
නමුත් අද පුවත්පත් දෙකකට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ අනූෂ පැල්පිට මහතා පවසා තිබෙන්නේ පරස්පර කතා දෙකක්.
අද පුවත්පතට ඔහු පවසා ඇත්තේ
"කිසිවෙකු හෝ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට ඇතුළු වී නැහැ. නමුත් එහි මුල් පිටුවේ යම් දෝෂ කිහිපයක් තිබුණා. ඒ නිසා අපි වෙබ් පිටුව තාවකාලිකව ක්‍රියා විරහිත කොට දෝෂය සැකසීමෙන් පසු වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළුවී ඇත්දැයි අපි නැවත පරීක්ෂා කළා. නමුත් එවැනි ඇතුල්වීමක් සිදුවී නැහැ. මේ වනවිට වෙබ් අඩවිය සාමාන්‍ය ලෙස ක්‍රියාත්මක වෙනවා"
නමුත් ඔහු ලක්බිම පුවත්පතට පවසා ඇත්තේ නියාමන කොමිෂන් සභාවේ වෙබ් අඩවියට ඇතුලුවීමට උත්සාහ දරා ඇත්තේ බ්‍රසීලය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන කණ්ඩායමක් විසින් බවට මේ වනවිට ක්‍රියාත්මක මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති බවයි.
කෙසේවුවද excelworld.lk වෙබ් අඩවියේද මේ වනවිට දැක්වෙන්නේ එම පණිවිඩයමයි.