මර්වින්ගේ ඉල්ලා අස්වීම තවත් එක් නාට්‍යයක්ද?
Monday, January 21, 2013
ජනාධිපතිවරයා විසින් කැලණිය ආසන සංවිධායක ධූරයෙන් මර්වින් සිල්වා මීට පෙර අයින් කරන ලද්දේ ගස් බැඳීමේ නාට්‍යයෙන් පසුවය.පසුව විනය පරීක්ෂන නාට්‍යයෙන් පසුව නැවතත් ඔහුට එම සංවිධායක ධූරයම ලැබිණි.
මෙවර තිර පිටපත ඊට වඩා මඳක් වෙනස් විය. මෙවර ආසන සංවිධායක ධූරයෙන් මර්වින් සිල්වාම ඉල්ලා අස්විය. ඒ හසිත මඩවල ඝාතන චෝදනාව මර්වින් සිල්වාට එල්ලවූ නිසාය.
නමුත් ඒ වෙනුවට වෙනත් පුද්ගලයෙක් රජය විසින් පත් කළේ නැත. මර්වින් සිල්වාව වෙනත් ආසනයකට දැමීම හෝ පන්නා දැමීමක්ද කළේ නැත.
කැලණියෙන් ඉල්ලා අස්වුනද මර්වින් තාමත් කැලණියේ ජන හමු පවත්වයි. පම්පෝරිද ගසයි. ඒ මෙවර නාට්‍යයේ තිර පිටපත ඔහු හොඳින් දන්නා නිසාය.
ඊයේ කැලණිය නාහේන කොහොල්විල ප්‍රදේශයේ ජන හමු අමතමින් මර්වින් සිල්වා කියා සිටියේ තමන් මැරුණත් කැලණියෙන් නොයන බවයි. එහිදී ඔහු පැවසුවේ,
"මගේ ආත්ම ගෞරවයත්, අතිගරු ජනාධිපතිතුමාගේ ආත්ම ගෞරවයත් රැකදෙන්න මම ඉල්ලා අස්වුනා. මම ආවෙත් කැලණියෙන්, මම ඉන්නෙත් කැලණියේ, මැරෙන්නෙත් කැලණියේ. මගේ අළු ටික පා කරන්නෙත් කැලණි වෙහෙර අභියස තියන කැලණි ගඟේ"
එම වීඩියෝව පහතින්.
