ඉන්දියාව රංගන හේරත් නොමරා මරයි

ශ‍්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන වෝන් - මුරලිදරන් කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරඟාවලිය පැවැත්වෙන අතරතුරේ ඉන්දියාවේ ක්‍රීඩා වෙබ් අඩවි කිහිපයක් විසින් අසත්‍ය ප්‍රචාරයක් ඊයේ (04) රාත්‍රියේදී සිදුකොට තිබුනා. 

එයින් කියවුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ රංගන හේරත් රිය අනතුරකින් මරණයට පත්ව ඇති බවයි. තවදුරටත් එම පුවත මගින් කියවුනේ රංගන හේරත් හා චමින්ද වාස් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ මෝටර් රථයෙන් ගමන් කරන අතරතුරේ රිය අනතුරක් සිදුවී ඇති බවත් රංගන හේරත් එම ස්ත්නයේම මරුමුවට පත්ව ඇති බවත් යනුවෙනි. 

මෙම පුවත දැනගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලින්ද කලබලයට පත්ව තිබුන අතර පසුව ක්‍රිකට් ආයතනයේ බලධාරීන් කරනු ලැබුණු දැනුවත් කිරීම් අනුව එම පුවත සත්‍යයෙන් තොර එකක් බව එම මොතේම වාර්තා කරනු ලැබුවා. 


කෙසේ නමුත් ඉන්දියාව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් අසත්‍ය පුවත් පලකල ප්‍රථම වතාව මෙය නොවේ. 

 මෙයට පෙරත් ඔවුන් විසින් විවිධාකාරයේ පුවත්පලකොට තිබු අතර ඒවා බොහොමයක් ශ‍්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මානසිකත්වය බිඳ හෙලීම සඳහා සිදුකරනු ලැබූ ඒවා බවට හෙළිවිය.

එම පුවත ෆේස්බුක් හරහා ඔවුන් දක්වා තිබුනේ මෙලෙසිනි 

 
 
 

Related Posts Plugin for WordPress, Blogger...